brand logo

දිනය අවසානයේ ඕස්ට්‍රේලියානු පිල ලකුණු 72ක් පිටුපසින්

24 January 2019

ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගයේ ප්‍රථම දිනය සදහා තරගය අද අවසන් වුණා. දිනය නිමා වන විට පිළිතුරු පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි ඕස්ට්‍රේලියානුවන් කඩුළු දෙකක් දැවී ලකුණු 72ක් රැස්කර ගෙන සිටියා. නොදැවී පන්දුවට පහරදෙමින් සිටි Marcus Harris ලකුණු 40ක් ලබාගෙන සිටියා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිලේ සුරංග ලක්මාල් සහ දිල්රුවන් පෙරේරා එක් කඩුල්ල බැගින් අද දිනයේ කඩුලු දවාගත්තා. කාසියේ වාසිය දිනාගෙන පළමු ඉනිම සදහා මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිලට සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 144ක් පමණයි. එහිදී තරමක් හෝ සාර්ථක වූ නිරෝෂන් දික්වැල්ල පන්දු 78කදී ලකුණු 64ක් ලබාගත්තා. ඒ අනුව ශ්‍රී ලංකා පිලට වඩා ඕස්ට්‍රේලියානු පිල ලකුණු 72ක් පිටුපසින් සිටිනවා.
 

More News..