brand logo

දික්ඔය මූලික රෝහලේ හෙදියකට සහ ඇගේ පුතුට කොරෝනා

21 April 2021

හැටන් දික්ඔය මූලික රෝහලේ හෙදියකට සහ ඇගේ වයස අවුරුදු 12ක් වූ පුතුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබේ. දික්ඔය නගර සභා සෞඛ්‍ය අංශ සදහන් කළේ එම හෙදියට සහ ඔහුගේ පුතුට සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂාවෙන් ඒ බව තහවුරු වූ බවයි. කොවිඩ් ආසාදිත හෙදිය හැටන් ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර, ඇයගේ සිංහල අලුත් අවුරුදු සමයේදී ගාල්ල ප්‍රදේශයේ සංචාරයක ද නිරතව සිට තිබේ. උත්සව සමයෙන් අනතුරුව ඊයේ දින රාජකාරිය සදහා දික්ඔය මූලික රෝහලට පැමිණ ඇත. එහිදී සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණයේදී ඇයට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. අනතුරුව ඇගේ පවුලේ සාමාජිකයින් ද පරීක්ෂණයකට ලක් කර ඇති අතර, ඇගේ පුතුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු කර ගෙන ඇත. එම දරුවා හැටන් ප්‍රදේශයේ ප්‍රධාන පාසලක 6වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බව පවසා ඇත. එම සිසුවා ඉගෙනු ලබන පන්තියේ සිසුන් ඔහුගේ මිතුරන් ද ඇතුළුව දරුවන් 66දෙනෙකු සහ ආචාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකු ද ස්වයං නිරෝධායනයට යොමු කළ බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.
 

More News..