brand logo

දැරිවියන් දෙදෙනා කෙලෙසූ 60 හැවිරිදි අය සොයා පොලිස් පරීක්ෂණ

24 June 2020

පානදුර උතුර කුරුප්පු මාවත ප්‍රදේශයේ අවුරුදු 12ත්, 11 ත් අතර වයසේ පසුවන දැරිවියන් දෙදෙනකුට අතවර සිදු කළ 60 හැවිරිදි පුද්ගලයකු සොයා පානදුර උතුර පොලිසිය විමර්ශන ආරම්භ කොට තිබේ. මෙම දැරිවියන්ගේ නිවසට යාබදව ඇති කාමරයක කුලී පදනම මත මෙම සැකකාර පුද්ගලයා ජීවත්ව තිබේ. දැනට මාස දෙකකට ප්‍රථම මෙම සැකකරු එම දැරිවියන්ට ලිංගික අතවර සිදුකොට ඇති බව මවුපියන් විසින් පොලිසිය වෙත පවසා ඇත. පානදුර උතුර පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. වනිගතුංග විසින් සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරයි. හේමන්ත ලියනපතිරණ
 

More News..