brand logo

දැරණිගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිට බරපතළ වැඩ සහිත වසර 24ක සිර දඬුවම්

05 July 2019

මරණ දඬුවම නියමව සිටින දැරණිගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති චම්පික විජේසිංහ නොහොත් අත කොටා නැමැත්තාට කොළඹ මහාධිකරණය විසින් අද දින වසර 24 ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර ඇත. ඒ, අල්ලස් ගැනීම ඇතුළු අධිචෝදනා 4 කට කොළඹ මහාධිකරණය හමුවේ වරදකරුවීම හේතුවෙන් වන අතර 2008 වසරේදී දැරණිගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී විථි රේඛා සහතිකයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 5 ක අල්ලසක් ගැනීම ඇතුළු අධිචෝදනා 6 ක් විත්තිකරුට එරෙහිව ගොනු කර ඇත. අධිචෝදනා 4 කට වරදකරු බව නිගමනය කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා රුපියල් ලක්ෂ 4 ක දඩයක් ද විත්තිකරුට නියම කර ඇති අතර එය ගෙවීමට අපොහොසත් වන්නේ නම් තවත් වසර දෙකක සිර දඬුවමක් ද නියම කරනු ලැබුවේය.
 

More News..