brand logo

දැනුම්දීමකින් තොරව ලංගම අගෝස්තු මැද නතර වෙයි

07 August 2019

ශ‍්‍රී ලංගම සේවකයන්ට රුපියල් 2500ක දීමනාව නොගෙවීම හා නිළධාරීන්ගේ වැටුප් සංශෝධනය නොකිරීමට එරෙහිව දැනුම් දීමකින් තොරව දැවැන්ත වෘතිතිය සමිති අරගලයක් රටපුරා දියත් කරන බව,සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් සේපාල ලියනගේ පවසයි. මේ අගෝස්තු මාසයේ වැටුපට ශ‍්‍රී ලංගම සේවකයන් හට රුපියල් 2500 යේ අන්තර් දීමනා මුදල ලබාදීමට සහ විධායක සහ විධායක නොවන නිළධාරීන්ගේ වැටුප් සංශෝධනය කිරීමට කඩිනමින් මැදිහත් විය යුතුයි. රජයේ සේවකයන්ට 2019 අයවැය තුලින් ලබාදුන් රුපියල් 2500 ක දීමනා මුදල මෙතෙක් ශ‍්‍රී ලංගම සේවකයන්ට ලබා දී නොමැති. අප සංගමයෙන් දිගින් දිගටම ශ‍්‍රී ලංගම සේවකයන් හට එම මුදල ලබා දීමට මැදිහත්වන ලෙස විෂයභාර ඇමති අරුජුන රණතංග වෙත යොමු කළ යහපත් ප්‍රතිචාරයක් ලැබී නැත. 2019 අගෝස්තු මාසය ඉක්ම යාමට ප‍්‍රථම ශ‍්‍රි ලංගම සේවකයන්ගේ වැටුපට රුපියල් 2500 ක අන්තර් දීමනා මුදල ලබාදීමට සහ විධායක සහ විධායක නොවන නිළධාරින්ගේ වැටුප සංශෝධනය කිරීමට කඩිනමින් මැදිහත්වන අපි ඉල්ලනවා. නතහොත්,අගෝස්තු මාසය තුල එම ඉල්ලීම ඉටුකිරීමට අපොහෙසෙත් වන්නේ නම්, කිසිදු පුර්ව දැනුම් දීමකින් තොරව ශ‍්‍රී ලංගම සියලූම වෘත්තීය සමිති එකතු වී වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් ගන්නා බව, සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් සේපාල ලියනගේ පවසයි. නිමල් අල්ගෙවත්ත
 

More News..