brand logo

දැන් යුද්ධය තියෙන්නේ අන්තර්ජාලයේ - අගමැති රනිල්

31 August 2018

යුද්ධයේ ස්වභාවය සාම්ප්‍රදායික අවි ගැටුමේ සිට අන්තර්ජාලය කරා මාරුවී ඇති බවත් සමාජ මාධ්‍ය ඇතුළු තාක්ෂණය යොදාගන්නා නූතන මාධ්‍ය සම්ප්‍රදායික නොවන තවත් තර්ජනයක් බවත් අගමැරනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අගමැතිවරයා එසේ පැවසූවේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (30)පැවති  2018 ආරක්ෂක සමුළුව අමතමිනි. ෆේස්බුක් සහ ට්විටර් ඇතුළු සමාජ මාධ්‍යවල තර්ජනයට මුහුණ දීම සඳහා ශක්තිමත් ආරක්ෂක ජාලයක් ස්ථාපිත කළ යුතු බවද අගමැතිවරයා එහිදී සදහන් කළේය. ජාතික සහ ජාත්‍යන්තර ආරක්ෂාවට එල්ලවී තිබෙන අනතුරේ ස්වභාවය සංකීර්ණ වී ඇති නිසා ඊට මුහුණ දීම සඳහා  සකලවිධ බහුජාතික සහයෝගිතාවක් අවශ්‍ය වන්නේ යැයිද අගමැතිවරයා අවධාරණය කළේය.
 

More News..