brand logo

ලංකාවේ පාලකයෝ ආගම්වලට, ආගමික නායකයින්ට අපහාසකරලා ජනතාව උසි ගන්වනවා

16 July 2019

දැනට ලංකාව පාලනය කරන පාලකයෝ ආගමික නායකයන්ට ආගම්වලට අපහාස සිදුකිරිම් තුළින් ජනතාව උසි ගැන්වීමේ ක්‍රියාවලියක නිරතව සිටින බව,විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. ඒ මහතා එසේ පැවසුවේ,ගාල්ලේ පැවති ආගමික උත්සවයක් අමතමිණි. මෙහි දී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද කීය. රට,ජාතිය ආරක්ෂා කරන්නට රැකවරණය දුන්නේ නායකවය දුන්නේ ගරු ස්වාමින් වහන්සේලාය.එය පෙර රජ දවස සිට අද දක්වාම අනාගතයේ දී ද සිදුවන මෙහෙවරකි. මේ යටතේ ආරණයවාසි හිමිවරුන්ද සිදු කරනුයේ අපට මනා වු මෙහෙවරකි.ශාසනයක් ආරක්ෂා වන්නේ භික්ෂුණ් වහන්සේලා නිසාය.නමුත් අද වන විට භික්සුන් වහන්සේලා නොයෙකුත් පීඩාවට ලක්ව සිටිනවා.මේ ආදි වශයෙන් ගත් කළ ස්වාමින් වහන්සේලා තරම් පීඩාවට පත්වන වෙනත් පිරිසක් නැති තරම්ය. පසුගිය කාලයේ ගරු හිමිවරු අපහාස කිරීම් සිරි ගෙවල්වලට දැමීම වැඩියෙන් සිදුව තියනවා.විශේෂයෙන්ම පසුගිය වසර හතර තුළ එය සිදුව තියනවා.මෙයට අමතරව වෙනත් ආගම් නායවකයන්ට ද මෙම ගැරහීම් අපහාස කිරීම් සිදුව තියනවා.පසුගිය කාලයේදි මේ පාලන අධිකාරිය ආගම්ක නායකයන්ට අපහාස කිරීම් සිදුකරනු ලැබුවා.එවැනි යුගයක් දැකිය හැකි වුනා.මෙය මේ රටේ පාලනය කරන මැති ඇමතිවරු නියෝජ්‍ය අමතිවරු සිදුකරන්නේ නිකමට නොවෙයි. සිංහල බෞද්ධයා උසි ගැන්වීමටය.ඒ අය මේ ආකාරයට අනිකුත් ආගමික නායකයන්දටද මේ ආකාරයට අපහාස සිදුකරන්නේ අනෙක් ජාතිකයන්ද උසි ගැන්වීමටයි.එහෙම ඒ උදවිය සිදු කළත් ජනතාව එය ගණන් ගන්නේ නෑ.නමුත් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාත්, අගමැති වරයාගේ අවධානය යොමුකළ යුතුව තියනවා. නමුත් එසේ සිදුවන බවක් පෙනෙන්නට නෑ.ඒ අනුව මේ ආගමික නායකයන්ගෙන් මේ අය සමාව ගත යුතුයි.මේ ආකාරයට මේ අය ආගමික නායකයනගේන් සමාව ගන්නේ නැතිනම් වෙනත් ආකාරයෙන් මේ ආගමික නායකයන්ට අපහාස සිදුකරන පිරිස සම්බන්ධයෙන් මැති ඇමතිවරු සම්බන්ධයෙන් වෙනත් ක්‍රමවේදයක් ගත යුතුව තියනවා. මෙය සිදුවිය යුතුයි.මේ ආගමික අපහාසය එක් ආගමිකට ආගමික නායකයකයෙකුට හෝ එක් ජන කොටසකට සිදුකරන අපහාසයක් නොවෙයි. සියලුම ජාතිකයන්ට ආගමික නායකයන්ට හා සියලුම ආගම්වලට සිදු කරන අපහාසයක් වශයෙන් තමයි පෙන්වා දිය හැක්කේ. සමහරු කියනවා මේ රට බෞද්ධ රටක් නොවෙයි කියා සමහරු කියනවා.මේ රට එහෙම නෑ කියා මේ අයගේ අදහස එයයි.බෞද්ධ රටක් නොවෙයි කියන නායකයන් සිටින රටක් බවට මෙම රට පත්ව තියනවා.වෙනත් රටවල ඒ ආගමික ජනතාව සියයට 50ක් හැටක් සිටිනවා නම් ඒ පිළිබඳව කතා කරනවා.කතා කරන්නට සුදුසු පරිසරයක් එම රටවල තියනවා.නමුත් එහෙම රටවල් රැසක් ලෝකයේ තියනවා.නමුත් අපේ රටේ මේ තත්ත්වය වෙනස්ව තියනවා. මේ සිංහල රටේ මේ බෞද්ධ රටේ පන්සල විහාරය මුල්කරගෙන සමාජ, සංස්කෘතික,ආගමික,පරිසර,සංස්කෘතික,සෞඛ්‍ය ආදි සියලුම අංශයෙන් පෙරමුණ ගත්තේ මුල්තැන දුන්නේ මඟ පෙන්නුවේ පන්සලයි.මේ නිසා ගමේ සැමටම රටේ සැමටම සන්සල මුල්තැන දිය යුතුයි. සියලුම දෙනා පන්සල එක්ක එක්විය යුතුයි. එය අපට රටට ආඩම්බරයක් වෙනවා.ගාල්ල පැවැති ආගමික රැස්වීමක දී ඒ මහතා එසේ කීය. නිමල් අල්ගෙවත්ත
 

More News..