brand logo

දැඩි සුළඟින් වවුනියාවේ නිවාස 30 කට හානි

29 April 2019

වර්ෂාව සමඟ හට ගත් දැඩි සුළං තත්වයක් හේතුවෙන් ඊයේ (28) සවස වවුනියාව දිස්ත්‍රික්කයේ නිවාස 30 ක වහළ ගැලවි ගොස් නිවාස වෙත හානි සිදුව ඇති බව වවුනියාව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ වවුනියාව ඕමන්ත පණික්කන්කුලම ප්‍රදේශයේ නිවාස 20 ක් හා දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශයන්ගේ නිවාස 10 ක් එලෙස හානියට පත්ව ඇති බව වාර්තා වි ඇති බවයි. පණික්කන්කුලම ප්‍රදේශයේ තාවකාලික නිවාස 15 ක් හා ස්ථිර නිවාස පහක වහළ ගැලවි ගොස් ඇති අතර ඇතැම් නිවාසවල වහළ කඩාවැටී ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් පැවසූහ. වවුනියාව,ඕමන්ත,ඊරට්ටපෙරියකුලම,පුලියන්කුලම හා පෙරියඋළුක්කුලම ආදි ප්‍රදේශ වෙත සුළඟත් සමඟ වර්ෂාව ඇති වු බව ප්‍රදේශවාසීන් පැවසූහ. ආපදාවට පත් පිරිස් වෙත වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සහන සේවාවන් සපයති. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..