brand logo

දැඩි සුළඟින් නිවාස 200කට හානි

13 November 2020

නිකවැරටිය ප්‍රදේශය හරහා පෙරේදා (11 වැනිදා) හමා ගිය සුළඟකින් නිවාස 200කට පමණ අර්ධ හානි සිදුවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. මේ දිනවල පවතින තද වැසි සහ සුළං තත්ත්වය හේතුවෙන් නිවාසවල වහලවලට හානි සිදුවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේය. සිදුවූ හානිය පිළිබඳව තක්සේරු කරමින් පවතින බවත් එම මධ්‍යස්ථානය කියයි. සාලිය කුමාර ගුණසේකර එන්. අබේරත්න - වාරියපොළ
 

More News..