brand logo

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ රාජිත සාමාන්‍ය ප්‍රතිකාර ඒකකයට

01 January 2020

කොළඹ නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලෙහි දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සාමාන්‍ය ප්‍රතිකාර ඒකකයට මාරු කර තිබේ. රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ අද පස්වරුවේ රාජිත සේනාරත්න මහතා සාමාන්‍ය ප්‍රතිකාර ඒකකයට මාරුකළ බවයි. ජනාධිපතිවරණ සමයේ සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් වූ රාජිත මහතා පසුගිය 30 වැනිදා ඇප මත මුදා හැරුණි.
 

More News..