brand logo

දැඩි පෝෂණ හිඟයක්

23 June 2022

වෛද්‍ය සංගම් වලින් ප්‍රකාශයක්

ආර්ථික අර්බුදයත් සමග රට තුල උග්‍ර පෝෂණ හිඟයක් නිර්මාණය වෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසා ඇත. කොළඹ අද (23) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මෙම අදහස් පළ කර තිබේ. මේ අතර මෙරටට අත්‍යාවශ්‍ය ඖෂධ ඉන්දීය වෙළඳපොලෙන් මිල දී ගන්නා ලෙස වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් ඉල්ලීමක් කර තිබෙන බවට වාර්තා වී තිබේ. ඒ අනුව ඉදිරි සති 6ක කාලය තුල ඒවා මිල දී ගත යුතු බවට එම වෛද්‍යවරුන් අමාත්‍යවරයාට යෝජනා කර ඇත. ඒ සම්බන්ධයෙන් තමන් සලකා බැලීමට සූදානම් බවද කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා එහි දී ප්‍රකාශ කර තිබෙන බවට වාර්තා වෙයි.
 

More News..