brand logo

දැඩි නියඟය හේතුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ වැවි කිහිපයක මසුන් මැරෙයි (Photos)

18 June 2019

ප්‍රදේශවාසීන් පැවසූවේ වවුනියාව මූනාමඩුව වැවේ මසුන් දින ගණනාවක සිට මිය යමින් සිටින අතර ප්‍රදේශයේ දැඩි දුර්ගන්ධයක් හටගෙන ඇති බවයි. ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පැවසූවේ වැවේ ජලයද ශීඝ්‍රයෙන් පහත බැස ඇති අතර ඒ හේතුවෙන් මසුන් මිය යන බවට තමන් විශ්වාස කරන බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය දැනුවත් කළ අතර, ඊයේ (17) වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පැමිණ මසුන් මියයාම සම්බන්ධයෙන් පරීක්ෂා කළ බවද ප්‍රදේශවාසීන් පැවසූහ. වැව පරීක්ෂා කළ වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරිවරුන් පැවසූවේ වැවේ ජලය අඩුවීම හේතුවෙන් වැව් ජලය රත්වීම හා ජලයේ ඔක්සිජන් ප්‍රතිශතය අවමවීම හේතුවෙන් මසුන් මියගොස් ඇති බවට සැක පළ කරන අතර, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවයි. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..