brand logo

දැඩි නියගය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 13427 ක පුද්ගලයින් 45773 ක් පීඩාවට පත්ව සිටියි

19 June 2019

මෙම දිනවල පවතින දැඩි නියගය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 09 ක පවුල් 13427 ක පුද්ගලයින් 45773 ක් පීඩාවට පත්වී සිටින බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය නිකුත් කළ වාර්තාවක සදහන් වේ. නියගය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටය.මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 3042 ක පුද්ගලයින් 9562 ක් පීඩාවට පත්වී සිටින බව එම වාර්තාවේ සදහන් වේ. ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 1598 ක පුද්ගලයින් 5719 ක්ද,මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 2041 ක පුද්ගලයින් 7404 කුද,පල්ලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 1823 ක පුද්ගලයින් 6173 ක්ද පීඩාවට පත්වී සිටිති.නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 1019 ක පුද්ගලයින් 3365 කුද,නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 148 ක පුද්ගලයින් 392 ක්ද, වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 455 ක පුද්ගලයින් 1572 ක්ද,කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 1137 ක පුද්ගලයින් 3348 ක්ද පීඩාවට පත්වී සිටින බව ආපදා කළමණාකරන ඒකකය විසින් සකස් කර ඇති එම වාර්තාවේ සදහන්වේ. මේ අතර නියගය හේතුවෙන් පීඩාවට පත්වී සිටින ජනතාවට අවශ්‍ය පානීය ජලය බෙදා හැරීම ආපදා සහන සේවය විසින් ආරම්භ කර ඇත.ඒ අනුව නියගයට ගොදුරු වී සිටින පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 09 හි පවුල් 10206 ක පුද්ගලයින් 35727 ක් සදහා පානීය ජලය බව්සර් මගින් බෙදා හැරීමද මේ වන විට සිදු කරමින් පවතී. ජුඩ් සමන්ත
 

More News..