brand logo

දානේ ගෙදර ගිය 21කට කොවිඩ්

07 January 2021

කෑගල්ලේ නිවසක පැවැත්වු දානමය පිංකමකට සහභාගී වු 21 දෙනෙකුට කොවිඩ් - 19 ආසාදනය වී ඇති බවට ඊයේ (06) හඳුනාගෙන තිබේ. සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරයකින් තොරව පසුගිය දෙසැම්බර් 29 වැනිදා එම දානමය පිංකම පවත්වා තිබුණි. ඊට සහභාගී වූ සිව්දෙනෙකුට කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා සිදුකළ PCR පරීක්ෂණයෙන් ඔවුන් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත. එම ආසාදිතයින් වාර්තා වීමත් සමඟ සෙසු පිරිස PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කිරීමේදී ද ඔවුන්ගෙන් තවත් 17 දෙනෙකුටත් වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබේ. මෙම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් දෙදෙනෙකුටත් ඊයේ කොවිඩ් ආසාදනය වී ඇති බවට හඳුනාගත් බව ප්‍රදේශය භාර සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කරයි.
 

More News..