brand logo

Covid 19 අරමුදලට දළදා මාළිගාවෙන් කෝටියක් පරිත්‍යාගයක්

28 March 2020

COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් කෝටියක මුදලක් දළදා මාළිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිරිනමන ලදි. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (28) පෙරවරුවේ දළදා වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගන්නට ගිය අවස්ථාවේදීය. මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැ දැක ජනාධිපතිවරයා කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙළ පැහැදිළි කළේය. ඒ අවස්ථාවේදී මහානායක හිමියෝ ද සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් ලක්ෂ 50ක මුදලක් පරිත්‍යාග කළහ. මල්වතු අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමිපාණන් ද ජනාධිපතිතුමා බැහැ දුටුවේය. අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤානරතන නා හිමිපාණන් වහන්සේ බැහැ දුටු ජනාධිපතිතුමා උන්වහන්සේ ප්‍රමුඛ අස්ගිරි විහාරස්ථ මහා සංඝරත්නය ද රජය දියත් කර ඇති වැඩපිළිවෙළ පිළිබඳව දැනුවත් කළේය.
 

More News..