brand logo

දළදා මාළිගාවට පැමිණීමට බිය නොවන්න - මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කියයි

18 January 2021

    දළදා මාළිගාවේ සිවිල් කාර්ය මණ්ඩලයේ සහ ශ‍්‍රි දළදා මාළිගාවේ තේවාව භාර ස්වාමින්වහන්සේලාට කොවිඩ්-19 ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ. දළදා මාළිගාවේ තේවාව භාර ස්වාමින්වහන්සේලා 5 නමකගේ හා දළදා මාළිගාවේ සිවිල් කාර්යමණ්ඩලයේ 115 දෙනෙකුගේ කොවිඩ් පරීක්ෂණ සිදුකර තිබේ. මේ අනුව අද (18) සිදුකල රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයේ ප්‍රතිඵල ලැබීමෙන් ඔවුන් කිසිවකු ආසාදිත නැති බව හඳුනා ගෙන ඇත. කෙසේ වෙතත් මහනුවර දළදා මාළිගාවේ පොලිස් මුරපොළේ නිලධාරින් පිරිසකට කොවිඩ් ආසාදනය විම හේතුවෙන් එහි සේවය කරමින් සිටි නිලධාරින් 231 දෙනෙක් ඊයේ (17) නිරෝධාය සඳහා යොමුකර තිබුණා. එම නිලධාරීන් පිරිස වෙනුවට වෙනත් නිලධාරින් 189 දෙනකු අනුයුක්ත කර ඇත. මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා සඳහන් කරන්නේ ශ‍්‍රි දළදා මාළිගාව කොවිඩ්වලින් ආරක්ෂිත බව තහවුරු වී ඇති බවත් එබැවින් ඒ පිළිබඳව කිසිවෙකු අවිනිශ්චිත තත්ත්වයක් ඇතිකර ගැනීම හෝ බිය නොවිය යුතු බවයි.
 

More News..