brand logo

දළදා මාලිගාවේ දිය අඟලේ ආරක්‍ෂිත බැම්මේ කොටසක් කඩා වැටේ

07 January 2021

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික දිය අඟලේ ආරක්‍ෂිත බැම්මේ විශාල කොටසක් කඩා වැටී තිබේ. මෙසේ කඩා වැටී ඇත්තේ ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස ඇති දිය අඟලේ මීටර් 10 ක පමණ කොටසකි. එම ස්ථානයේ බැම්මේ තවත් කොටසක් කඩා වැටීමේ තර්ජනයට ද ලක්ව ඇති බව ද වාර්තා වේ. මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු වගකිවයුතු සියලු අංශ දැනුවත් කොට ඇති බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කරයි. මෙය කඩිනමින් පිළිසකර කිරීම සඳහා අවශ්‍ය සාකච්ඡා මේ වන විටද සිදුකෙරමින් පවතින බව ද දියවඩන නිලමේතුමා වැඩිදුරටත් සඳහන් කරයි.
 

More News..