brand logo

දළදා මාලිගාවේ තේවාවන් ඇතුළු පුද පූජා අඛණ්ඩව සිදු කෙරේ

18 January 2021

ශ්‍රී දළදා මාලිගාව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ නිලධාරීන් පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ. එම පොලිස් ස්ථානයේ සෙසු නිලධාරීන් සියලු දෙනා නිරෝධායනයට යොමුකර පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතු ආවරණය කිරීම සඳහා වෙනත් පොලිස් ස්ථාන වලින් නිලධාරීන් අනුයුක්ත කර ඇති බවයි දළදා මාලිගාව නිවේදනය කරයි. දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලයේ කිසිඳු පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වී නොමැති අතර ශ්‍රී දළදා මාලිගාවේ දෛනික තේවාවන් ඇතුළු පුද පූජා වත් පිළිවෙත් අඛණ්ඩව සිදුකරන බව නිවේදනයක් නිකුත් කරමින් දළදා මාලිගාව සඳහන් කරයි. මහනුවර ශ්‍රී දළදා මාලිගාව නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහතින්...  
 

More News..