brand logo

දහම් සිරිසේනගේ විවාහය හෙට - විවාහ මංගල්‍යය පැවැත්වීමට නියමිත හෝටලය වෙනස් වෙයි

08 May 2019

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතාගේ විවාහ උත්සවය හෙට (09) දිනයේ පැවැත්වීමට නියමිතය. උත්සවය කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වීමට නියමිතව ඇත. මීට පෙර මෙම විවාහ උත්සවය පැවැත්වීමට සැලසුම් කර තිබුනේ කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේදීය. පසුගිය අප්‍රේල් 21වැනි පාස්කු ඉරුදින එල්ල කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයට එල්ල බෝම්බ ප්‍රහාරයත් සමග එය තාවකාලිකව වසා දැමුණේය. මේ හේතුවෙන් දහම් සිරිසේනගේ සහ නිපුනි වීරරත්නගේ විවාහය නියමිත දිනයේ එම නැකත් වලට අනුකූලව හිල්ටන් හෝටලයේදි සිදුකිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. හිල්ටන් හෝටලය හා ආසන්න ප‍්‍රදේශයන්ට මේ වන විටත් දැඩි ආරක්‍ෂාවක් යොදවා ඇත.
 

More News..