brand logo

දසුන්ට කොදෙව් දේශය බලා පිටත්ව යාමට නොහැකි වෙයි

23 February 2021

බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සදහා කණ්ඩායම සමග පිටත්ව යාමට සිටි ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානකට ගමන් කිරීමට නොහැකි වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සදහන් කළේ ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය නැතිවී ඇති බවයි. එම ගුවන් ගමන් බලපත්‍රයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ වීසා බලපත්‍රය ලබාගත් බවට සලකුණු කරන මුද්‍රාව ද ඇතුළත් වේ. කෙසේ වෙතත් දසුන් ශානක බටහිට ඉන්දීය කොදෙව් දේශය බලා පිටත් කිරීමට යැවීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් එම නිවේදනය මගින් සදහන් කර තිබේ.
 

More News..