brand logo

දශක ගණනකින් වරායක් අපනයනය යළි අරඹයි

21 September 2022

මෙරටින් ඛනිජ වැලි තොගයක් චීනයට අපනයනය කරයි

දශක තුනකට පමණ පසු ත්‍රීකුණාමලය වරාය සිය අපනයන මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබේ. ඒ පුල්මුඩේ මිනරල් සෑන්ඩ් ලිමිටඩ් සමාගමට අයත් ඛනිජ වැලි තොගයක් චීනයට අපනයන කිරීමෙත් සමඟයි. ත්‍රීකුණාමලය වරායෙ මෙලෙස අපනයනය කටයුතු ඇරඹෙන්නේ හැත්තෑව දශකයේ අවසාන භාගයෙන් පසුවයි. පසුගිය කාලය තුළම එහි අපනයන කටයුතු ඇනහිටි තිබූ අතර ආනයන කටයුතු වලට පමණක් සීමා වී තිබුණි. මීට වසර විස්සකට පමණ පෙර පුල්මුඩේ මුහුදේ නැංගුරම්ලා තිබු ඩෙල්ටා ස්ටාර් නැමැති නෞකාව ත්‍රස්තවාදීන් විසින් පුපුරුවා ගිල්වා දැමීමෙන් පසු ත්‍රීකුණාමලයෙන් ඛනිජ වැලි මහ පරිමාණ අපනයන කටයුතු ඇනහිට තිබුණි. කෙසේ වෙතත්,රටතුළ පවතින ඩොලර් හිගයට පිළියමක් ලෙස හා ත්‍රීකුණාමලය වරායේ මෙහෙයුම් කටයුතු ඉහල දැමීමේ අරමුණින් මෙසේ ත්‍රීකුණාමලය වරාය මගින් මෙම අපනයන කටයුතු ආරම්භ කල බව කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් දයා රත්නායක මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේය. මෙහිදී ත්‍රීකුණාමලය වරායේ නේවාසික කළමනාකරු සමන් පෙරේරා මහතාද අදහස් දැක්වීය. සුමේධ රොෂාන් - ත්‍රීකුණාමලය https://www.youtube.com/watch?v=K2jimt0mGDA
 

More News..