brand logo

දවස හිටපු කර්තෘ මාණ්ඩලික සර්ධා විදානගමාච්චි මියයයි

15 December 2020

  ඩී.බී. ධනපාල මහතා දවස පුවත්පත ආරම්භයේදී ගන්දර වර්තාකරු ලෙස පුවත්පත් කලා දිවිය ආරම්භ කළ සර්ධා විදානගමාච්චි මහතා දෙසැම්බර් 14 වැනිදා සඳුදා අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට ඒ මහතා 79 වැනි වියේ පසු විය. මාතර රාහුල විදුහලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වූ ඒ මහතා පසුව කර්තෘ මාණ්ඩලිකයකු ලෙස සේවයට එක් වුවත් ටික කලකින් සතොස ආයතනයේ කළමනාකාරවරයකු ලෙස වැඩ භාර ගන්නා ලදී. එහෙත් ඔහු මියෙන තුරාත් පුවත්පත් සමග සම්බන්ධය නැවැත්වූයේ නැත. දවස සහ ලංකාදීප පුවත්පත්වල ප්‍රවෘත්ති කර්තෘවරයා වූ පාලිත විදානගමාච්චි ඒ මහතාගේ වැඩිමහල් සොහොයුරාය. නැසී ගිය කුසුම් විදානගමාච්චිගේ ආදරණීය සැමියා වූ ඒ මහතාගේ එකම දියණිය බිනේෂාය. සර්ධා විදානගමාච්චි මහතාගේ දේහය දැනට 130/1, කොස්වත්ත පාර, රාජගිරිය යන ඔහුගේ නිවසේ තැන්පත් කොට ඇති අතර අවසන් කටයුතු දෙසැම්බර් 16 වන බදාදා වන අද දින සවස 4.00ට නාවල කොස්වත්ත පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව ඇත.
 

More News..