brand logo

දවස් හතරකින් ගෙදර යන්න සුදානම් වෙන ආසාධිතයා ලයිව් ඇවිත් කියපු දේ

12 November 2020

කොවිඩ්-19 හෛවත් කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් අනතුරුව රෝහල් ගත කරන ආසාදිතයින්ට ලැබෙන්නේ කුමන ආකාරයේ ප්‍රතිකාරයක් ද? එම ප්‍රශ්නයට ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය හරහා කොරෝනා ආසාදනය වූ අප රටේ ආසාදිතයෙකු විසින් වීඩියෝවකින් පිළිතුරක් ලබාදී තිබේ. ඔහු සදහන් කරන්නේ කොරෝනා ආසාදනය වූ ආසාදිතයෙකුට රෝහල් ප්‍රතිකාර ලබමින් සිටියදී කිසිදු ඖෂධයක් ලබානොදෙන බවත්, තරමක උෂ්ණත්වය ඇති දියර වර්ගම පමණක් පානයට ලබාදෙන බවයි. හිසරයකදී පමණක් පැරසිටමෝටල් වර්ගයක් ලබාදෙන බව ඔහු සදහන් කරයි. ප්‍රධාන වශයෙන් උණු ජලයට ලුණු එක්කර උගුර සෝදන බවත්, ඊට අමතරව සෑම පැය භාගයකට වරක් උණුවෙන් යම් පානයක් ලබාගන්නා බවයි. විශේෂයෙන්ම කොවිඩ් ආසාදිතයෙකු වූ බව දැනගත් පසු තමන් මානසික මට්ටම හොද තත්ත්වයක තබාගත යුතු බව ඔහු සදහන් කරයි. මේ සම්බන්ධයෙන් එම ආසාදිතයා දක්වන අදහස් පහතින්...
 

More News..