brand logo

දවල් 12න් පසු කරටි කඩාගෙන දඟලන පොලිස් ලොක්කා

11 February 2021

  පොලිස් ස්ථානාධිපතිවරුන්ට හදිසියකදීවත් තම කොට්ඨාසය භාර ඉහළ පොලිස් නිලධාරියා සම්බන්ධ කරගත නොහැකි පොලිස් කොට්ඨාසයක් පිළිබඳ - සබරගමුව පළාතෙන් වාර්තා වේ. දහවල් 12න් පසුව මේ ඉහළ නිලධාරියා දුරකථනයෙන් හෝ සම්බන්ධ කර ගැනීමට නොහැකිවීම නිසා පොලිස් ස්ථානාධිපතිවරුන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටින බව පැවසේ. මීට හේතුවී ඇත්තේ එකී උසස් පොලිස් නිලධාරියා කාර්යබහුලවීම නොව අනිවාර්යෙන්ම ඔහු දවල් 12න් පසු බීමතින් පසුවීමය. මේ බේබද්දා සම්බන්ධ කර ගැනීමට නොහැකි නිසා රාජකාරි අවශ්‍යතා සඳහා ඉහළ නිලධාරීන්ගෙන් උපදෙස් ලබා ගතහොත් ඔහුගෙන් බලු බැණුම් අහන්නට ස්ථානාධිපතිවරුන්ට සිදුවේ. මේ නිසා මෙම පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථානවල බොහෝ විමර්ශන හරිහැටි සිදුවන්නේ නැතිලු. ඔහුගේ බීමත්කම නිසා පරීක්ෂණ සිදුවන්නේ පැමිණිලිකරුට චූදිතයාගෙන් සමාව ගන්නට සිදුවන ආකාරයලු. මේ ඉහළ පොලිස් නිලධාරියා හැම සති අන්තයකම තම මිතුරන් සමග දමන පාටිවල බර පැන දරන්නට සිදුව ඇත්තේද පොලිස් ස්ථානාධිපතිවරුන්ටලු. පොලිසියේ ඉහළ නිලයකට තබා කොස්තාපල්කමටවත් නොගැළපෙන කටයුතු කරන මේ පුද්ගලයා ගැන පොලිසියේ ඉහළම ඉහළට පවා පැමිණිලි කර ඇතත් පියවර ගන්නේ නෑලු. ඒකට හේතුව රටේ ඉහළම කෙනෙක් ළඟ ඉන්න පෞද්ගලික ආරක්ෂකයා මොහුගේ සහෝදරයෙක් නිසාලු. මේ වගේ අය නිසා පොලිසියේ ‘කීර්තිය’ නැතිවෙන එක වළක්වන්න කෙනෙක් නැති එක ගැන ඒ පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් විස්සෝපයෙන්ලු.
 

More News..