brand logo

දරුවෙක් අරගෙන හදාගන්න කැමතියි

11 August 2020

2014 වසරේ මිස් ශ්‍රී ලංකා කිරුළ සහ 2017 වසරේ දී ලොව හොඳම නිරූපිකාව කිරුළ දිනා ගත් චුලක්ෂි රණතුංග පසුව ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ ‘දේදුණු ආකාසේ’ චිත්‍රපටය හරහා සිනමාවට එක්වුණේ නිරූපණයට පමණක් නොව රූපණයටත් තමා තුළ නිසඟ හැකියාවන් ඇති බව පෙන්නුම් කරමින්. 2019 දී තිරගත වූ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගේ විජයබා කොල්ලය චිත්‍රපටවලද චුලක්ෂි දැක ගන්නට ලැබුණා. මේ දිනවලත් සිනමාවේ චූලක්ෂි කාර්යබහුල වෙලා. මේ දවස්වල මොකද කරන්නේ ප්‍රසන්න ජයකොඩිගේ කොරෝනා කාලේ ආලේ කියන අලුත් චිත්‍රපටයට ලෑස්ති වෙලා ඉන්නවා. ඊට අමතරව ප්‍රියන්ත කොළඹගේ මහතාගේ මන්දාරා චිත්‍රපටයේ ඉතිරි වැඩ කටයුතු කරගෙන යනවා. කොරෝනා කාලේ මොකද කළේ? ගමට වෙලා තමා හිටියේ. මගේ ගම අත්තනගල්ල. කොළඹ හිටියේ මගේ රංගන කටයුතු වල‍ට පහසු නිසා. කොරෝනා කාලේ ගොඩක් දේවල් ඉගෙන ගන්න ප්‍රයෝජනවත් වුණා. නිතර සමාජ මාධ්‍ය තුළ පෙනී සිටීම හානියක් කියලා හිතෙන්නේ නැද්ද? ඒක මම දකින්නේ ෆැෂන් අයිකන් එකක් විදියට විතරයි. මේ දිනවල සංකගේ අලුත්ම මියුසික් වීඩියෝ එකෙන් පවා චුලක්ෂිව දැක ගන්න පුළුවන්... "ටැටූ වළලු" මම ආසාවෙන් කරපු නිර්මාණයක්. මම දකින්නේ මියුසික් වීඩියෝ එක වුණත් විශේෂත්වයක් වෙනවා නම් මම ඒ වෙනුවෙන් දායක වෙන්න කැමතියි. අපි කරන රංගන කාර්යය තුළ අපිට දෙයක් කරන්න තියෙන්න ඕනේ. ඒ නිසා විවිධත්වයෙන් යුතු නිර්මාණ භාර ගන්න මම කැමතියි. කොහොමද ලැබෙන ප්‍රතිචාර තවම ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සංක කියන්නේ මගේ හොඳ යාළුවෙක්. චින්තන ධර්මදාස තමා මේක ලිව්වේ. මම චින්තන අයියගේ රසිකයෙක්. ඒ නිසා ඒ ඉල්ලීම මම සතුටින් භාර අරන් කරලා දුන්නා. මම සාමාන්‍යයෙන් දුම් පානය කරන චරිතයක් නෙවෙයි. මම ඒ නිරූපණය කළේ චරිතයක්. සමාජයේ ඇතැම් මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා චරිත තුළින් සැබෑ ජීවිතේත් එහෙමයි කියලා හිතන්න. එහෙම විය යුතු නැහැ. පෞද්ගලික ජිවිතේ සහ රංගන ජිවිතේ කියන්නේ දෙකක්. අපිට බෑ සැබෑ ජීවිතේම රඟපාන්න. චරිත තෝරා බේරා ගන්නේ කොහොමද? ලැබෙන හැම නිර්මාණයක්ම මම බාරගන්නෙ නැහැ. බොහෝ නිර්මාණවලට මට ආරාධනානම් ලැබුණා. තෝරා බේරාගැනීමේදී චරිතය ලොකුද පොඩිද කියන දේ මට වැදගත් වෙන්නෙ නැහැ. ඒ තුළ මට දෙයක් නිරූපණය කරන්න පුළුවන්නම් ඒක තමයි මගේ තෝරා ගැනීම වෙන්නේ. ඒකාකාරී චරිතවලට මම එච්චර කැමැති නැහැ. රඟපාන්න කැමති විශේෂ චරිත තියෙනවද? හැමදාම පෙම්වතිය වෙන්නවත් රූමත්ම කාන්තාව වෙන්නවත් මට ඕනේ නැහැ. කවුරු හරි කියනවා නම් චුලක්ෂි කියන්නේ රූ රැජිණක්, නිරූපිකාවක් විතරයි කියලා. මම කැමැති ඒ දෙයින් බැහැරව ඕනෙම චරිතයක් කරන්න. මම අභියෝග භාර ගන්න කැමැතියි. ඒ කියන්නේ කැමැති ජනප්‍රිය නිළිය වෙන්න නෙවෙයි හොඳම නිළිය වෙන්න අනිවාර් යෙන්ම. මට ජනප්‍රියම නිළිය වෙන්න ඕනේ නැහැ. ජනප්‍රියත්වය අවශ්‍යයි අපේ ගමන ඉස්සරහට අරගෙන යන්න. ඒත් මගේ ඉලක්කය වෙන්නේ කවදා හරි මාව පිළිගන්නවා නම් හොඳම නිළියක් විදියට. ඒක තමා මගේ සාර්ථකත්වය. මම හිතන්නේ දක්ෂතාව මත ජනප්‍රිය විය යුතුයි කියලා. බාහිර ස්වරූපයට ලැබෙන ජනප්‍රියත්වය තාවකාලිකයි. වේදිකා නාට්‍යවලට කැමැත්තක් නැද්ද? මම වඩාත්ම කැමැති වේදිකාවට. ටෙලිනාට්‍යද, සිනමාවද, වේදිකාවද කියල තීරණය වෙන්නෙ ලැබෙන චරිතය අනුව. වේදිකාව පැත්තෙන් හොඳ ආරාධනාවක් ආවොත් මම දෙවරක් හිතන් නැතිව භාර ගන්නවා. මට කලින් එහෙම ආරාධනා ලැබුණත් දින ප්‍රශ්න නිසා මගහැරුණා.මොකද වේදිකාව වෙනුවෙන් අපිට කැපවෙන්න කාලය තියෙන්න ඕනේ. රූපණය ගැන හැදෑරීමක් කරනවද? රූපණය කියන්නේ පුළුල් විෂයයක්. මම තවම මේ රූපණය විෂය ඉගෙන ගන්නවා. කෞශල්‍යා පුනාන්දු, ජයන්ත චන්ද්‍රසිරි සහ මහේන්ද්‍ර පෙරේරා යන අයගෙන් රූපණ විෂය මම හදාරල තියෙනවා. නමුත් මට තව බොහෝ දේවල් ඉගෙනගන්න තියෙනවා. ඉදිරියේදී තිරගත වීමට නියමිත චිත්‍රපට මොනවද? සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරිගේ මිදුණු විශ්වය, උදයකාන්ත වර්ණසූරිය මහතාගේ ගින්දරි 3, සනත් අබේසේකර මහතාගේ ගුත්තිල, මොහාන් නියාස් ගේ ශ්‍රී වික්‍රම, ප්‍රියන්ත කොළඹගේ මහතාගේ අලුත්ම චිත්‍රපටය වන මන්දාරා චිත්‍රපටය. රූපය සහ ශරීර හැඩය පවත්වාගෙන යන්න චුලක්ෂි මොනවද කරන්නේ ජිම් යන එක තමා මම කරන්නේ. මම කේෂේත‍්‍රයට එද්දි කිලෝ 75 ක් බරයි. ජිමි එකේ හරියට වක් අවුට් කරල තමයි මම මගේ ශරීරය මේ විදයට පවත්වාගෙන යන්නෙ. ලොකු කැපකිරීමක් මම කළා. ආස හැම කෑමක්ම මම කන්නේ නැහැ. ශරීරයේ හැඩය රූපය ගැන හිතලා තමා මම ආහාර පවා ගන්නේ. නමුත් මේ දවස් වල ඒ සියල්ල පොඩ්ඩක් නතර කරලා තියෙනවා චරිතයක් වෙනුවෙන් හැඩ ගැහෙන්න ඕනේ නිසා. ජිම් නොගියට ඉතින් මේ දවස් වලත් ගෙදර ඉඳන් ශරීර සුවතාව ගැන හිතලා ව්‍යායාම කරනවා. එදිනෙදා ගන්න කැලරි ප්‍රමාණය ගැන මම කොහොමත් සැලකිලිමත්. චුලක්ෂිගේ කෙට්ටු වීමත් සුප‍්‍රසිද්ධ හඬපට කතාවකදි මතු වුණා. එතැනදී ඔබ නිහඬව සිටියා ඔව්. මම නිවැරදි කියල දන්නවනම්.මාධ්‍ය වලට මම නිවැරදි කිය කිය යන්න අවශ්‍යතාවක් නෑ. ඇත්තටම ඒ ගැන කතා කළ යුතුත් නෑ කියන තැන මම ඉන්නෙ. ජීවිතේ ලැබුණු වටිනාම දේ මොකක් ද? අත්දැකීම්. ජීවිතේ යම් දෙයක් වෙනස් කර ගන්න ලැබුණොත් මොනවද වෙනස් කර ගන්නේ එහෙම නම් මම පොඩි කාලේ ඉඳන්ම නිළියක් වෙන එක ගැන හිතලා කටයුතු කරනවා. මොකද මට පොඩි කාලේ එහෙම හිතුණේ නැහැනේ. මම මිස් ශ්‍රී ලංකා කිරුළ දිනා ගත්ත මොහොතෙවත් හිතුනේ නැහැ නිළියක් වෙන්න ඕනේ කියලා. ක්‍රීඩිකාවක් නොවීම ගැන දුකක් තියෙනවා ද? ක්‍රීඩාවෙන් ගොඩ නැගුණු ආත්ම විශ්වාසය තමා අදටත් මම ස්වාධීනව ගොඩ නැගෙන්න හේතුව. මම ආවේ කලා පවුලකින් නෙවෙයි. ගමේ ඉඳන් ඇවිත් මෙතන මෙහෙම පවතිනවා කියන එක ලේසි නැහැ. මේ කාලය තුළ මම හුඟක් පාඩම් ඉගෙන ගෙන තියෙන්නේ. සමහර අය නොකරපු වැරදි දේවල් ගැන කතා වෙනවා. හොඳක් වෙන්න කියලා හිතලා කරපු දේවල් වැරදි වෙනවා.මට ගොඩක් යාළුවො නැහැ සීමිත පිරිසක් ඉන්නේ. මට දෙයක් වුණාම හැමෝටම කිය කියා යන්නේ නැහැ. අද ඉන්න තැන ගැන සතුටු වෙනවා. මම එද්දී මුකුත් අරගෙන ආවේ නැහැ. දැන් ගොඩක් දේවල් ජීවිතේට එකතු වෙලා තියෙනවා. ඒ ගැන සතුටක් තියන්නේ. කවදාවත් ජීවිතේ ගැන පසු තැවෙන්නේ නැහැ. කට කතා ගැන මොකද හිතෙන්නේ අපි කලාවට එනවත් එක්කම කට කතා කියන එක නිරායාසයෙන්ම අපිට හැදිලා තියෙන්නේ. අපි නිර්මාණ හරහා ජනප්‍රිය වෙනවා කියන්නේ පෞද්ගලික ජීවිතේ සීමා වෙනවා. අපි කරන කියන දේ යන එන තැන් ගැන මිනිස්සු කතා කරනවා. ලංකාවේ ඇතැම් අය හිතන පතන විදිය අපිට වෙනස් කරන්න බැහැ. මිනිස්සු කවදාවත් පන්න පන්න හොඳක් කියන්නේ නැහැ. හැබැයි පොඩි හරි වැරැද්දක් වුණොත් ඒ දේ වෙන වෙලාවේ ඉඳන් එයාව හංවඩු ගහනවා. ඒ තමා හැටි. එහෙම මම කට කතා වලට බය නම් මේ ක්ෂේත්‍රයට එන්නෙත් නැහැ. කියමනක් තියෙනවා නේ යකාට බය නම් සොහොනේ ගෙවල් හදන්නෙත් නැහැ කියලා. වෙනස් කර ගන්න ඕනේ කියලා හිතෙන දේ මොකක් ද? මම ගොඩක් සංවේදී යි. ඒ සංවේදීකම මේ සමාජයට ගැළපෙන්නේ නැහැ. ඒ නිසා මට පුළුවන් නම් මීට වඩා ගල් හිතක් ඇති කර ගන්න. මම ඒක තමා වෙනස් කර ගන්නේ. අනාගත බලාපොරොත්තු මොනවද? වෘත්තීය ජීවිතේ ගත්තම එකිනෙකට වෙනස් මටම අභියෝග වෙන චරිත තුළින් අනාගතය ගොඩ නගා ගන්න එක. ඒ එක්කම පෞද්ගලික ජිවිතේ. පෞද්ගලික ජිවිතේ ගත්තම හොඳ අම්මා කෙනෙක් වෙන්න ආසයි. විවාහ වෙන්න වයසත් හරි නේද, මම වයස දකින්නේ ඉලක්කමක් විදියට විතරයි. වයස යනවා කියලා හිතලා නම් මම කවදාවත් බඳින්නේ නැහැ. මම දරුවන්ට ආසයි. එනිසා මට මගේම දරුවෙක් ඉන්න ඕනේ කියලත් නැහැ. මට දරුවෙක් අරන් හදාගන්න තත්ත්වයක් තිබ්බොත් ඒකටත් මම කැමතියි. කිසිම දෙයකට හදිස්සියක් නැහැ. ආදරය ගැන මොකද හිතෙන්නේ හරි කෙනා හරි වෙලාවට ලැබෙයි කියලා හිතනවා. සිනමා ශාලාවට ප්‍රේක්ෂකයා ගෙන්න ගන්න නම් මොනවගේ නිර්මාණ ද කරන්න ඕනේ ප්‍රේක්ෂක සිත් සතන් ඇද බැඳ ගන්න නිර්මාණ තමා කරන්න ඕනේ. ඒක සත්‍ය සිදුවීමක් ද මන:කල්පිත ද කියන එක නෙවෙයි ප්‍රේක්ෂකයාට වැදගත්. පොදුවේ විනෝද වෙන්න ආශ්වාදයක් ලබන්න පුළුවන් ද කියන එකයි. පවුල් පිටින් සිනමා ශාලාවට ගෙන්න ගන්න පුළුවන් නිර්මාණ කරන්න ඕනේ. විශේෂයෙන් හොඳ තිර පිටපත් අවශ්‍යයි. ඒක ලේසි නැහැ. ඒක මැජික් එකක්. අනුෂා රණසිංහ
 

More News..