brand logo

දරුවා ඉස්කෝලෙන් ගන්න ආව තාත්තට වෙඩි තබා මරයි (වීඩියෝ)

15 November 2022

අවුරුදු 4කට පස්සේ ගත්තු ලේ වාඩුව

ගම්පහ මාකවිට වැව හන්දිය පාර, සියඹලා පිටිය මහා විද්‍යාලය ඉදිරිපිට අද (15) දහවල් 12.30ට පමණ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු විසින් දිමුතු සුභාෂ් නොහොත් වපර දිමුතු නැමැත්තාට වෙඩි තබා පලා ගොස් ඇත. වෙඩි වැදුනු පුද්ගයලයා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති අතර මොහු කොටුගොඩ මැදගමුව ප්‍රදේශයේ පදිංචි කරුවෙකි . මෙම පුද්ගලයා වෙඩි පහරට ලක්ව ඇත්තේ සිය දරුවා පසලෙන් රැගෙන යාමට පැමිණ සිටියදීය. 2018 වර්ෂයේ ගම්පහ වෙඩි තැබීමේ සිද්ධියකට අදාලව ඔත්තු බැලීම පිළිබද මොහු චෝදනා ලැබූවෙකු බව පොලිසයි පවසයි. සිද්දිය සම්බන්ධයෙන් ගම්පහ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. https://www.youtube.com/watch?v=xQigbi7qNt0
 

More News..