brand logo

දරුවාගේ උණ තද වී දිව රත් පැහැවේනම් ප්‍රවේශම් වෙන්න!

22 May 2020

කුඩා දරුවකුට දින පහකට වඩා වැඩි කාලයක් තද උණක් පවතින්නේ නම් සහ දිව රත්පැහැ වී ස්ට්‍රෝබෙරි ගෙඩියක් සේ දිස්වන්නේනම් එය ‘කවසකි’ රෝග ලක්ෂණයක් විය හැකි යැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි. කොවිඩ් වෛරසය පැතිර යාමෙන් පසු ‘කවසකි’ රෝගය මතුවිය හැකි බැවින් කොවිඩ් වෛරසය පැතිර ගිය ප්‍රදේශවල දරුවන් පිළිබඳ වැඩි අවදානයක් යොමු කරන ලෙසද විශේෂඥ වෛද්‍යවරයා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි. මෙය ස්වයං ප්‍රතිශක්තීකරණ රෝගයක් බැවින් එය දරුවාගේ හෘදයට බලපෑම් ඇති කළ හැකි බවද ඒ පිළිබඳව වඩාත් වැඩි අවධානයක් යොමුකර වෛද්‍ය ප්‍රතිකාර සඳහා දරුවා යොමු කරන්නැයිද හෙතෙම අවධාරණය කරයි. ‘කවසාකි’ රෝගය වැලඳුණ දරුවන් කීපදෙනකුටම ළමා රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබාදී මේ වන විට එම දරුවන් සායනික ප්‍රතිකාර ලබා ගන්නා බවද වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.   ශ්‍රියානි විජේසිංහ
 

More News..