brand logo

දරුවන් ලැබීමෙන් පසු එම දරුවන් තුන්වන පාර්ශවයකට විකිණීමේ ජාවාරමක්

22 December 2020

අලුත උපන් දරුවන් අලෙවි කිරීමේ ජාවාරමක තොරතුරු හෙළිකර ගැනීමට පොලිසිය සමත්ව තිබේ. ජාවාරම හරහා ගැබිනි මව්වරුන් යම්කිසි ගිවිසුමකට ඇතුළත් කර ඔවුන්ගේ දරුවන් මුදලට අලෙවි කිරීමේ ක්‍රමවේදයක් පවත්වාගෙන ගොස් තිබෙන බව පොලිසිය සඳහන් කරනවා. ජාවාරම මෙහෙයවූ පුද්ගලයා 47හැවිරිදි අයෙකු වන අතර ඊයේ (21) රාත්‍රියේ සැකකරු මාතලේ, උකුවෙල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා. සැකකරු අන්තර්ජාලය හරහා දැන්වීමක් ලෙස සකස්කරන ලද වීඩියෝවක් මගින් ජාවාරම මොරටුව ප්‍රදේශයේ ස්ථාන දෙකක දී පවත්වා ගෙන ගොස් ඇත. අතවරයන්ට පත්වූ කාන්තාවන් ගෙන්වා ගනිමින් ගිවිසුම්වලට අත්සන් කර දරුවන් ලැබීමෙන් පසු එම දරුවන් තුන්වන පාර්ශවයකට විකුණා ඇති බව මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබේ. විදෙස් රටවල “බේබි ෆාම්“ යනුවෙන් මෙවැනි කුඩා දරුවන් විකිණීමේ ජාවාරම් හඳුන්වන බවද මෙයට සම්බන්ධ ගැබිනි කාන්තාවන් 12 දෙනෙක් පොලිස් හා කාන්තා කාර්යාංශයේ විමර්ශනවලින් අනතුරුව සොයාගත් බවද වැඩි දුරටත් සඳහන් කරනු ලැබුවා. එසේම මේ වන විට ඉන් දරුවන් 05 දෙනෙකු මේ වන විට තෙවන පාර්ශවයකට ලබාදී ඇති අතර තවත් දරුවන් තිදෙනෙක් සමග මව්වරු සිට ඇති බවත්,  ගැබිනි මව්වරුන් 12 සැකකරුගේ ආරක්ෂාව යටතේ සිට ඇති බවත් පැවසෙනවා. මෙවැනි කුඩා දරුවන් 30 දෙනෙකු පමණ මේ වන විට විකුණා ඇතැයි අනාවරණය කර ගෙන ඇත. සකකරු අද (22) මොරටුව අධිකරණට ඉදිරිපත් කිරීමට නියමිතයි.
 

More News..