brand logo

දරුවන් පාසල් යවන්න පියෙක් ජීවිතේ උකස් තියයි

14 October 2021

21 වැනිදා සිදුවීමට යන මහා ඛේදවාචකය

ගුරු වෘත්තිය සමිති විසින් පවත්වාගෙන යන ගුරු විදුහල්පති වැඩ වර්ජනය පාසල් නැවත ආරම්භ කිරිමට නියමිත ලබන 21 දිනට කලින් නවතා දැමීමට කටයුතු නොකළහොත් සමස්ථ දරු පරපුරේ උන්නතිය වෙනුවෙන් සිවිල් පුරවැසියකු ලෙස මාරාන්තික උපවාසයක යෙදෙන බව මාතර කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචි කුමුදු ඒස් කටපොලූගේ මහතා පවසයි. කඹුරුපිටිය උල්ලල ප්‍රදේශයේ පදිංචි වයස 47ක දෙදරු පියෙකු වන වන කුමුදු කටපොලූගේ මහතා අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාලව රැකියාව නිරතව සිටින අතර ගුරු වෘත්තීය සමිති විසින් සිදුකරන ලබන වැඩ වර්ජන හේතුවෙන් තම දරුවන්ගේ මෙන්ම සමස්ථ දරු පපරපුරේ මූලික අයිතිවාසිකම් යටතේ අධ්‍යාපනය ලැබීම අහිමි වී ඇති බවත් එ සේම ගුරු විදුහල්පතිවරුන්ගේ ගැටලුව රජය විසින් විසඳිය යුතු බවත් පවසමින් එ සදහා මැදිහත් වන ලෙස ඉල්ලා සිටිමින් ඉකුත් 11වන දින ශ්‍රී ලංකා මානව හිමිකම් ආයතනයේ මාතර ප්‍රාදේශීය කාර්යාලය පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලදී . කෙසේ නමුත් දින අනූවකට වැඩි කාල සීමාවක් තිස්සේ පවතින ගුරු විදුහල්පති වර්ජනය විසඳීම සඳහා රජය විසින් නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළද ගුරු වෘත්තිය සමිතිය එ පිළිබඳව එකඟතාවකට පත්නොවී කටයුතු කිරීම හෙළා දකින බවත් මේ තුළින් රටටම වැරදි පූර්වාදර්ශයක් ලැබෙන බවද ඔහු කියා සිටී. "තවද ගුරුවරුන්ගේ ගැටලුව සඳහා ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් උපදෙස් රජය ක්‍රියාත්මක කරන්නේ නෑ කියලා ගුරුවරු චෝදනා කරනවා. ඒකත් බරපතළ වරදක් ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ක්‍රියාත්මක කළ යුතුයි. මේක සාධාරණව ඉක්මනින් විසඳිය යුතුයි. මේ ගැටළුවට ගුරුවරු හැමෝම සම්බන්ධ වන්නේ නැහැ ,ඇතැම් ගුරුවරු දරුවන්ට උගන්වන්න එකඟ වෙලා තියෙනවා. ඒ නිසා ගුරුවරුන්ගෙ ගැටලුවක් මෙතන නැහැ වෘත්තිය සමිතිය තමයි ගැටලුව. ඒක වහාම විසඳිය යුතුයි කියලා මම කියනවා .ලබන 21 දිනට කලින් විසඳුමක් නොලැබුණහොත් මාරාන්තික උපවාසයක යෙදෙන්න මම කටයුතු කරනවා." යැයි ඔහු තවදුරටත් පැවසීය
 

More News..