brand logo

දරුවන්ට බරක් නැති අධ්‍යාපනයක් සැකසීමේ වගකිම රජය සතුයි - අගමැති මහින්ද

06 January 2020

දරුවන්ට බරක් නැති අධ්‍යාපනයක් සැකසීමේ වගකිම රජය සතු බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අග‍්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (06) කටුගස්තොට පලිපාන ශ්‍රී චන්ද්‍රානන්ද බාලිකා විද්‍යාලය විවෘත කිරීමේ උත්සවයට එක් වෙමිනි. එහිදී අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙසේ පැවසීය. මේ පාසලට ඇතුලූවෙන කොට වෙන කාන්තා විද්‍යාලවලට තියෙන නමක් නෙවෙයි දකින්න ලැබෙන්නේ. පලිපාන ශ‍්‍රී චන්දානන්ද බාලිකා විද්‍යාලය කියන නම ඇහුනම ගෞරවනීය හැඟීමක් හිතට එනවා. අපේ අස්ගිරිය පන්සලේ වැඩ වාසය කළ ඉතාමත් කීර්තිමත් මහනායක හාමුදුරුවන්ගේ නමින් තමයි මේ පාසල නම් කරලා තියෙන්නේ. උන්වහන්සේ ඉතාම සිල්වත් ගුණවත් හිමිනමක් හැටියට සාසනය බබළවපු උතුමෙක්. උන්වහන්සේ නමින් අස්ගිරිය පන්සල් භූමියේම පිරිමි පාසලක් ආරම්භ වෙලා තියෙනවා. ඒකට මුල් වුණේ පලිපාන ශ‍්‍රී චන්දානන්ද හාමුදුරුවන්ගේ ප‍්‍රධාන ශිෂ්‍යවරයෙකු වූ ගොඩගම මංගල හාමුදුරුවෝ. හාමුදුරුවන්ට අස්ගිරිය පන්සලේ කාරක සංඝ සභාවෙන් මේ පාසල පවත්වා ගෙන යන්න විශාල සහයෝගයක් ලැබුණා. මෙය ජාතික මෙහෙවරක් විදියටයි අපි සලකන්නේ. අතීතයේ පන්සලයි අධ්‍යාපන ආයතනයි තිබුනේ එකට. නමුත් අධිරාජ්‍යවාදීන් මේ රට පාලනය කිරීමත් සම`ග පුද්ගලික පාසල් ක‍්‍රමය ඇති වුනා. ඒ සම`ගම විහාරස්ථානවලින් පාසල ඈත් කළා. ඉස්කෝල හැදුවේ දැනුම දෙන්න විතරයි. නමුත් මිනිස් සමාජයක් ශිෂ්ට සම්පන්න වෙන්න නම් නැණ ගුණ දෙකම තියෙන්න ඕනේ. අද පාසල්වලින් බොහෝ දුරට ලැබෙන්නේ නැණ විතරයි. ගුණ ගැන කතා වෙන්නේ නැහැ. විනාඩි 40ක කාලයකින් ගුණ යහපත්කම ගැන දරුවන්ට කියා දෙන්න පුලූවන්කමක් නැහැ. මේකෙන් වෙන්නේ පටු කල්පනාකාරීන් සමාජයට බිහිවෙන එකයි. රටක් දහමක් ගැන ඒ අයට හිතන්න වෙලාවක් නැහැ. මේ ලබන අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වෙන්නේ රැකියාවක් ලබා ගැනීම ම`ගින් මුදල් සෙවීම පමණයි. මේ ක‍්‍රමයේ පළමු අරමුණත් මුදල්. දෙවැනි අරමුණත් මුදල්. තුන්වැනි අරමුණත් මුදල්. ඒක එහෙම වුනේ නැණ විතරක් දියුණු කළ නිසයි. අපි එතැනට යන්නේ නැතිව නැණ ගුණ දෙකම දරුවන්ට ලබා දෙන්න අවශ්‍යයි. අපේ ආණ්ඩුවේ ප‍්‍රධානම කාර්යභාරය වෙන්නේ සාර්ථක අධ්‍යාපනයක් මේ රටේ දරු පරපුරට ලබා දීමයි. ලෝකය ජයගන්න නම් අධ්‍යාපනයෙන් දමනය වූ කෙනෙක් බිහි කරන්න අවශ්‍ය බව අපි විශ්වාස කරනවා. ගොඩනැගිලි විද්‍යාගාර තාප්ප වැනි මේ පහසුකම් වගේම අධ්‍යාපනයේ ගුණාත්මක වෙනසකුත් ඇති කළ යුතුයි. ජාතික පාසල් දහසක් වගේම තෛයිභාෂික පාසලක් සෑම දිස්ත‍්‍රික්කයකට ලබා දීමේ වැඩපිළීවෙලක් අපි අරඹා තිබෙනවාග එමගින් භාෂා පිළිබද දරුවන්ගේ දැනුම වර්ධනය කිරීමේ හැකියාව ලැබෙනවා. මේ කාන්තා විද්‍යාලය ආරම්භ කරලා අලූත් හො`ද දරු පරපුරක් සමාජයට යොමු කරනවා වගේම ඔවුන් සමාජයට වැඩදායි පරපුරක් බවට පත්කිරීමේ වගකීම ගුරුවරුන්ට වගේම දෙමව්පියන්ටත් තිබෙනවාග දරුවෝ පොඩි කාලයේ දෙමව්පියෝ පාසලට එනවා. පාසල ළග මුර කරනවා. නමුත් දරුවේ ටිකෙන් ටික ලොකු මහත් වන විට දරුවාගෙන් ඈත් වෙනවා. දරුවන් කුඩා කාලයට වඩා, දරුවෝ ඉහළ පන්තිවලට එනවිට, දරුවෝ ගැන දෙමව්පියෝ විශේෂයෙන් අවධානයක් යොමු කළ යුතුයි. විශේෂයෙන් දරුවන්ට බරක් නැති අධ්‍යාපනයක් අපි ලබාදෙන්න ඕනේ. බරක් නැති අධ්‍යාපනයක් දුන්නොත් විතරයි රටට බරක් නැති මිනිහෙක් හදන්න පුළුවන් වෙන්නේ. නව ආණ්ඩුව අධ්‍යාපනය සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක කරන වැඩපිළීවෙල ජනාධිපතිවරයාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙන් පෙන්වා දී තිබෙනවා.
 

More News..