brand logo

දරුවන්ගේ කැස්සට හෙරොයින් දෙන අම්මලා

15 October 2020

අද වන විට රෝහල් හා ශල්‍යාගාරවල ප්‍රබල වේදනාවන්ට ප්‍රතිකාර කිරීම සඳහා මෝෆින් වැනි මත්ද්‍රව්‍ය භාවිත කරන අතර, ඒවා 20 වන සියවසේ මුල් භාගයේ දී නිවෙස්වල අත්බෙහෙත් ලෙස බහුලව භාවිත විය. 1900 යුගයෙදී පමණ සෙම්ප්‍රතිශ්‍යාව, ඔසප් වීමේ ගැටලු සහ නින්ද නොයාම වැනි රෝග සඳහා ප්‍රතිකාර කිරීම වෙනුවෙන් මෝෆින්, ලෝඩනම්, හෙරොයින්, අබිං සහ කොකේන් පවා සාමාන්‍ය වෙළෙඳසල් හරහා මිල දී ගත හැකි විය. අදාළ මත්ද්‍රව්‍යය ශරීරගත කිරීම සඳහා යොදා ගත හැකි එන්නත් කට්ටල ද Sears, Re buck සහ Co. වැනි ප්‍රසිද්ධ නාමාවලි යටතේ පවා විකුණන ලදී. එපමණක් නොව, 1890 ගණන්වල දී බේයර් නම් වෛද්‍යවරයා විසින් කුඩා ළමුන්ගේ කැස්ස සඳහා කෝකටත් තෛලයක් ලෙස හෙරොයින් යොදා ගන්නා ලදී. බොහෝ වෛද්‍යවරු මානසික අවපීඩනය සඳහා ද කොකේන් භාවිත කිරීමට උපදෙස් දුන්හ. කෙසේ වෙතත් අබිං පවුලේ වේදනා නාශක ඖෂධ බොහොමයක් එකල භාවිතයට ගැනිණි. ඒවා මිනිසුන් ඇතුළු ශාක හා සතුන් ගණනාවක් තුළ ස්වභාවික ව ම දක්නට ලැබේ. විශේෂයෙන් වේදනාව අඩු කිරීම සඳහා මෙවැනි මත්ද්‍රව්‍ය සෘජුව ම මධ්‍යම ස්නායු පද්ධතිය (සී.එන්.එස්) හරහා ක්‍රියා කරවිය හැකි ය. ක්ෂණික වේදනාව හා නිදන්ගත වේදනාව යන දෙක ම වෙනුවෙන් මත්ද්‍රව්‍ය යොදා ගැනුණු අතර, හෘදයාබාධ හා දරු ප්‍රසූතියේ දී ඇතිවන වේදනාව සමනය කිරීම සඳහා නිතර භාවිත විය. එම ද්‍රව්‍ය මුඛයෙන්, මාංශ පේශියකට එන්නත් කිරීමෙන්, සම යටට එන්නත් කිරීමෙන්, කොඳු ඇට පෙළ වටා ඇති අවකාශයට සිරස් අතට එන්නත් කිරීමෙන් හෝ ලබා දීමට හැකි විය. උපරිම කාලය මිනිත්තු 20කට පසු වේදනාව ක්‍රමයෙන් අඩු වෙමින් ගිය අතර, සිරස් අතට හා මුඛයෙන් ශරීරගත කළ විට මිනිත්තු 60කට පසු වේදනාව අඩු විය. ඒවායේ බලපෑමේ කාලය පැය 3 සිට 7 දක්වා වූ බව පෙනේ. ශ්‍රීනි ලංකා ජයකොඩි
 

More News..