brand logo

දරුණු පරාජය ලැබීමෙන් පසු නායක චන්දිමාල් කියූදේ

04 February 2019

ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් තරුණ කණ්ඩායමක් බවත් කණ්ඩායම සෑම අවස්ථාවකදී ඉගෙන ගන්නා බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් පවසනවා. ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති දෙවන ටෙස්ට් තරගයෙන් ලකුණු 366ක පරාජයක් ලැබීමෙන් අනතුරුව පැවැති ත්‍යාග ලබාදීමේ අවස්ථාවේදි අදහස් දක්වමින් චන්දිමාල් මේ බව කියා සිටියා. පසුගිය වසර 4ක පමණ කාලයක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් ක්‍රීඩකයන් ප්‍රකාශ කළේ කණ්ඩායම තරුණ කණ්ඩායමක් බවත් සෑම අවස්ථාවකදීම ඉගෙන ගන්නා බවයි. “කණ්ඩායමේ සෑම අංශයක්ම නියමිත පරිදි ක්‍රීඩා කළේ නෑ. සම්පූර්ණ ගෞරවය ඔස්ට්‍රේලියාවට යා යුතුයි. ඔවුන් තරගාවලිය පුරාම හොඳ ක්‍රිකට් ක්‍රිඩා කළා. ඔවුන් ජයග්‍රහණයට සුදුසුයි. ඒක හරිම අමාරුයි. විශේෂයෙන්ම අවසන් මාස හය තුළ අපිට අපේ හොඳම එකලොස් දෙනා තෝරා ගැනිමට නොහැකි වුණා. ඒ තමයි අපි අවධානය යොමුකරන එක් පැතිකඩක්. ඒක තරගයේ පැත්තක්. ඔබට ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙයි නම් ඔබ එය අත් දෙකින්ම භාර ගත යුතුයි. අපි තරුණ කණ්ඩායමක්. හැම වෙලාවෙම අපි ඉගෙන ගන්නවා. විශේෂයෙන්ම මෙම තත්ත්වයන් යටතේ. අපි නැවතත් දකුණු අප්‍රිකානු තරගාවලියේදි නැගී සිටිනවා.”
 

More News..