brand logo

දරුණු ගණයේ අපරාධකරුවන් 40ක් බූස්ස බන්ධනාගාරයට

26 April 2021

දිවයිනේ බන්ධනාගාරවල රදවා සිටි දරුණු ගණයේ අපරාධකරුවන් හතළිස්දෙනෙකු ගාල්ල බූස්ස බන්ධනාගාරයට මාරු කර තිබේ. බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවසුවේ එම සිරකරුවන් බූස්ස බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂිත සිර මැදිරිවල රැදවූ බවයි. එම අපරාධකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය බුද්ධි සේවයේ හා ත්‍රස්ථ විමර්ශන අංශයේ ද වාර්තා පදනම් කරගෙන හදුනාගනු ලැබූ අය වන බව අමාත්‍යවරයා පැවසීය. මීට පෙර ද දරුණු ගණයේ අපරාධකරුවන් 36දෙනෙකු ද වෙනත් බන්ධනාගාරවල සිට ගාල්ල බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර තිබේ. ඔවුන් ද බූස්ස බන්ධනාගාරයේ වෙනම ආරක්ෂිත සිර මැදිරි වල රදවා තැබීමට කටයුතු කර තිබිණි. එම අපරාධකරුවන් බන්ධනාගාරවල සිට විවිධ අපරාධ සැලසුම් කිරීම වැළැක්වීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගත් බව ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
 

More News..