brand logo

දරුගැබ විනාශකරන මෙන් පවසමින් විශේෂඥ වෛද්‍යවරයා තරුණ වෛද්‍යවරියට අමානුෂික ලෙස පහර දීලා

03 November 2020

තමන් යටතේ සේවය කළ තරුණ වෛද්‍ය වරියක ගැබ්ගෙන සිටින බව ආරංචිවීමෙන් පසු ඇයට දරුගැබ ගබ්සා කරන ලෙස බල කරමින් ඇය එය ප්‍රතික්ශේප කළ විට අමානුෂික ලෙස ඇයට පහර දුන් විශේෂඥ වෛද්‍යවරයෙකුට එරෙහිව පසුගිය දිනෙක වෛද්‍යවරියක විසින් ගාල්ල ළමා හා කාන්තා කාර්යංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. [caption id="attachment_108634" align="alignleft" width="366"] විශේෂඥ ක්‍රිෂාන්ත පෙරේරා[/caption] ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ පිළිකා ශෛල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරාට එරෙහිව මෙලෙස පැමිණිල කර ඇත්තේ එම රෝහලේම සේවය කරන සාගරිකා දිලූෂානි සේනානයක නම් වෛද්‍යවරියයි. මීට පෙරද වෛද්‍යවරුන්ට පහර දීම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති මෙම විශේෂඥ වෛද්‍යවරයාට එරෙහිව බලධාරීන් මෙතෙක් කල් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ ලේකම් වෛද්‍ය උභය භණ්ඩාර වරකාගොඩ මහතා පැවැසීය. එමෙනම තව දුරටත් මේ වෛද්‍යවරයාට මෙසේ අත්තනෝමතික ලෙස කටයුතු කිරීමට ඉඩ නොතබා නීතියානුකූළව ගත හැකි ක්‍රියාමාර්ග උපරිමෙයෙන් ගන්නා බවත් හෙතෙම අවධාරණය කරයි.     මෙම ගැටළුවට මුහුණ දුන් වෛද්‍ය සාගරිකා කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවට මුලින්ම පත්වී ආ දින වාට්ටුව බාර විශේෂඥ වෛද්‍ය වරයා වූ ක්‍රිෂාන්ත පෙරේරා ඇයට පවසා ඇතේතේ ඔහුත් සමග වැඩ කරනවා නම් ගර්භණී නොවන ලෙසයි. ඒ එසේ වුවහොත් දරුප්‍රසුතිය සඳහා නිවාඩු ලබා දිය නොහැකි බව පවසමිනි. "සර්ගේ" කට හඬේ ඇත්තේ හුදෙක් විහිළුවකට එහා ගිය විධානයක් බව ඇයට තේරුණේ ස්ථිර වශයෙන්ම ගර්භනී වීම වලක්වා ගැනීමට අවශ්‍ය එල් . ආර් .ටී සැත්කමක් කරගන්නා ලෙස විධානාත්මක ලෙස පැවසීමත් සමගිනි. කරාපිටිය රෝහලට එන විටත් එක් දරු මවක් වූ වෛද්‍ය සාගරිකා නොබෝ දිනකින්ම යළිත් ගැබ් ගත්තේය. මේ බව කන වැකුණු විශේෂඥ වෛද්‍යවරයා වාට්ටුව මැද අනෙකුත් කාර්ය මණ්ඩලය පමණක් නොව රෝගීන්ද ඉදිරියේ ගර්භනියට බැන වැදී වහාම පෙත්තක් ඇතුළු කර ඒ අහිංසක දරු ගැබ ගබ්සා කරගන්නා ලෙස ගිගුරුවේය. මෙය කිසිවෙකු බලාපොරොත්තු වුවක් නොවේ. ගර්භනියක වූ මේ වෛද්‍යවරිය මෙයින් දැඩිලෙස තැති ගත්තාය. ඇය පියවි ලෝකයට පැමිණ ඇත්තේ ඇයගේ කම්මුල හරහා වේගයෙන් ඇදී ගිය ප්‍රධාන වෛද්‍ය වරයාගේ පහරත් සමගිනි. ඇය අසීරුවෙන් වුවද එතැනින් ඉවතට දිව ගොස් ඇත. [caption id="attachment_108649" align="alignright" width="274"] වෛද්‍ය උභය භණ්ඩාර වරකාගොඩ[/caption]   එතැන් සිට හමුවන හැම අවස්තාවකදීම දරුගැබ විනාශ කරගන්නා ලෙස බලපෑම් කර ඇති මෛ වෛද්‍යවරයා වෛද්‍යවරිය එය ප්‍රතික්ෂේප කරවිට ‘‘ඇයි තමුසේ ශාපි විරෝධියෙක්ද‘‘ යි කියමින් නිතරම ඇයට හිංසා කිරිමට පටන් ගෙන තිබේ. අවසානයේ තම අයිතීන් සම්බන්ධව ඇය මේ සම්බන්ධයෙන් ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කර ඇති අතර එහිදී ඇයට සිදුවී ඇත්තේ ගහේන වැටුනු මිනිහාට ගොනා ඇන්නා වැනි වැඩකි. මේ සියලු සිදු වීම් හමුවේ දැඩි මානසික ආතතියකට පත් වී ඇති සිටින වෛද්‍ය සාගරිකා සේනානායකගෙන් සම්පූර්ණ කතාව දැනගැනීමට ඇය දුරකතනයෙන් සම්බන්ධ කරගත් අවස්තාවේදීද ඇය පසුවන වේදනාත්මක තත්ත්වය මැනවින් අවබෝධ වූ අතර සංවාදය අතර මැද ඇය හඩා වැටෙමින් පවසන දේ කවරකුගේ වුව හදවත සසල කරවනු ඇත. වෛද්‍ය සාගරිකා සේනානයක ඇයට විදින්නට වූ ගැහැට පිළිබඳ කියන සම්පූර්ණ කතාව හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ සම්බන්ධයෙන් ගැනීමට යන ක්‍රියාමාර්ගය පහතින් ශ්‍රවනය කරන්න. වෛද්‍ය සාගරිකා දිලූෂාණි සේනානයක මේ වන විටත් දැඩි කම්පන තත්තවයකින් පසුවන බැවින් ඇගේ ඡායාරුප පල නොකරන බව කරුණාවෙන් සලකන්න     https://soundcloud.com/aruna-lk/dr-sagarika-dilushani-senanayaka https://soundcloud.com/aruna-lk/dr-ubhaya-bandara-warakagoda
 

More News..