brand logo

දර්ශාගෙන් ඔලිම්පික් කමිටුවට සැර ප්‍රහාරයක්

24 November 2020

‘හිංසනය ක්‍රීඩාවක් නොවේ’ යනුවෙන් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ලිංගික හිංසන පිළිබඳ ජාතික ඔලිම්පික් කමිටුව විසින් ගෙනයන දැවැන්ත ව්‍යාපාරයෙන් මෙරට ක්‍රීඩාවට වන හානිය සහ එහි දොස් සහිත තැන් විවේචනය කරමින් ‘(වි)ජාතික ඔලිම්පික් කමිටුවේ ලිංගික හිංසන සේල්’ යන සිරසින් යුතුව ඉකුත් ‘සති අග අරුණ’ (2020/11/23) ක්‍රීඩා පිටුවේ පළවූ ලිපියට ප්‍රතිචාර දක්වමින් මෙරට බිහිවූ දක්ෂතම ක්‍රීඩිකාවක් වන දමයන්ති දර්ශා විසින් සිය මුහුණු පොතට සටහනක් එක්කර තිබුණි. එම සටහන මෙසේ විය මේ article එක සියලුම අය කියවනවා නම් හොඳයි කියල මට සිතෙනවා, මොකද අද ලංකාවේ ජාතික ලෙස නොව(වි)ජාතික ඔලිම්පික් කමිටුව ලෙස නම් දරා සිටීමට තරම් හේතු සාධක ගොන්නක් කරපින්නා ගත් කමිටුවක් අපි සතු නිසා. මේ දිනවල මොවුන්ගේ කුණු වසා ගැනීම සඳහා හිංසනය, ලිංගිකත්වය, ආදී තේමා උපයෝගී කරගනී. රටේ Olympic sports සඳහා අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක නොකර, ක්‍රීඩාවෙ යෙදුන ක්‍රීඩකයන් වෙනුවෙන් නොව මොවුන්ට කඩේ යන අය වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාවට නංවන කමිටුවක් ලෙස මෙම කමිටුව සුප්‍රසිද්ධියට පත් වී ඇත. මෙයට හොඳ උදාහරණ නම් FB පිටු වල "හිංසනය සෙල්ලමක් නොවේ", “ HARASSMENT IS NO GAME” වැනි ලොගෝ පාවිච්චියට ගැනීම සඳහන් කළ හැකිය. මම දකින්නේ ලංකාවට අවශ්‍ය වන්නේ ක්‍රීඩාවන් විනා වෙන මඟුල් නොවේ. කමිටුව හරහා කරළියට පැමිණිය යුත්තේ ක්‍රීඩා දිරිගැන්වීම් හා ක්‍රීඩාවන් සමග බැඳී ඇති වැඩසටහන්ය. මා දන්නා කාලයේ සිට මේ දක්වා මෙම කමිටුවේ වැඩි හරියක් ඉන්නෙ වැස්සකටවත් දුවපු නැති, කිසිම ක්‍රීඩාවක් නොකරපු අය හා ඔවුන්ට කඩේ යන අය වේ. මේ හෙලුව වසා ගැනීම වෙනුවෙන් මොවුන්ට පිට රට සවාරි, කමිටුව හා සම්බන්ධ ලෝක මට්ටමේ තරගාවලි සහභාගීවීම්, ක්‍රීඩා වැඩසටහන් හා වෙනත් බොහෝ දෑ ලබා දෙන බව රහසක් නොවේ. ක්‍රීඩාවට ආදරේ ක්‍රීඩකයන් වන අතර, වෙනත් දියුණු රටවල මෙන් මෙම කමිටුවේද සිටිය යුත්තේ ක්‍රීඩකයන් වන අතර මෙවැනි අයවලුන් නොවන බව මගේ පෞද්ගලික හැඟීමයි. නමුත් ඉතිහාසය පුරාත්, වර්තමානයේත් එය එසේ සිදු වී නැත, මට හැඟෙන්නේ අනාගතයත් එසේම පවතින බවය. මේ ක්‍රීඩකයන් නොවන පිම්පියන්ගෙන් රට සහ ක්‍රීඩාව ගලවා ගැනීමට නම් රටේ නායකත්වයේ සිට පහළට යම් කිසි යාන්ත්‍රනයක අවශ්‍යතාව අත්‍යවශ්‍ය කරුණක් වී ඇත. මෙවැනි දෑ තුළින් සිදුවන්නේ දෙමාපියන් විසින් තම දරුවන් ක්‍රීඩාවන් සඳහා යොමු නොකිරීමයි. මෙහිදී සිදුවිය යුත්තේ මෙම COVID-19 වසංගතය අතර තුර ක්‍රීඩකයන්ගේ හා පුහුණුකරුවන්ගේ මානසිකත්වය ඉහළ මට්ටමක තබා ඔවුන්ට පුහුණු වීම්වලට අවශ්‍ය වැඩපිළිවෙළ හා වටපිටාව සකසා දීමයි. ක්‍රීඩාවන් සඳහා අවශ්‍ය දෑ නොකර කමිටුවේ විලි වසාගැනීමට මෙවැනි දෑ කිරීම මා දැඩිසේ හෙලා දකිමි.   ‘සති අග අරුණ’ ක්‍රීඩා පිටුවේ පළවූ ලිපිය..................
  • (වි)ජාතික ඔලිම්පික් කමිටුවේ ‘ලිංගික හිංසන’ සේල් - https://bit.ly/3pVC0PP
 

More News..