brand logo

දයා රත්නායකට අමාත්‍යාංශ තනතුරක්

18 June 2021

කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළ විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා පත්කර තිබේ. කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ අනූෂ පැල්පිට මහතා, තමාට ධූරයෙන් විශ්‍රාම යෑමට අවසර ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට ලිපියක් යොමුකර තිබෙන අතර ඒ අනුව අමාත්‍යාංශයේ පුරප්පාඩු වන තනතුරට දයා රත්නායක මහතා පත්කර තිබේ. ශ්‍රී වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස, එම කේෂ්ත්‍රයේ ප්‍රවීණයෙක් ලෙස සැලකෙන නිහාල් කැප්පෙටිපොළ මහතා පත්කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ
 

More News..