brand logo

දයාසිරිට 'අංකල්' කිව්ව හිරුණිකා දුමින්දට 'දුමියා' කියලා

02 July 2019

පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු කණ්ඩායම පාර්ලිමේන්තුවේ ප්‍රධාන සභාගැබට පිවිසෙන විටත්, ‘හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ’ විවාදය ඇරඹී තිබිණි. මෙම විවාදය අතරතුර ‘හිරුණිකා ප්‍රේමචන්ද්‍ර’ මන්ත්‍රීවරිය විසින් පවත්වන ලද කතාව ‘සැර’ මෙන් ම ‘හාස්‍යජනක’ ද විය. ‘‘ජනාධිපතිතුමනි, ඔබතුමා කොහේ හරි ඉඳන් මේ කතාව අහගෙන ඉන්නවා ඇති... ඒ නිසයි මම කියන්නේ... කරුණාකරලා මේක තේරුම් ගන්න... මේ රටට සාපය වුණේ, 19 වැනි සංශෝධනය නෙවෙයි... ඔබතුමා වෙලාවක කණ්ණාඩිය ඉස්සරහට ගිහින් බලන්න... එතකොට ඔබතුමාටම පෙනෙයි, මේ රටට තියන ‘සාපය’ මොකක්ද කියලා...?’’ යනුවෙන් පවසමින්, හිරුණිකා කළ ‘සැර කතාව’ අවසානයේ දී ‘සභාවට සිනා’ ගෙනෙමින් අවසන් වූයේ මෙපරිද්දෙනි... ‘‘දයාසිරි අංකල්... සමාවෙන්න දයාසිරි මන්ත්‍රීතුමා මට එහෙම කියවෙන්නෙ පරණ පුරුද්දට.... ඔබතුමා ජනාධිපතිතුමා සුද්ද කරන්න යන්න එපා... ඔයාට වෙන්නෙත් අර ‘දුමියට’ වෙච්චි එක... සමාවෙන්න ‘දුමින්ද දිසානායක’ට වෙච්චි දේ... ජනාධිපතිතුමා එක එක කාලෙට එක්එක්කෙනා පාවිච්චි කරලා අයින් කරනවා... ඒ හින්දා දයාසිරි මන්ත්‍රීතුමා කරුණාකරලා ආපහු අපේ පැත්තට එන්න...’’
 

More News..