brand logo

දයාසිරිගේ ගමන අහුවෙයි

01 October 2019

සාකච්ඡාව අවසන් කර නෙළුම් මාවතේ කාර්යාලයෙන් පිටතට පැමිණි නීතිඥ සරණ කරුණාරත්න සහ සුසාර දිනාල් දුටුවේ දයාසිරිවය. ටී ෂර්ටයකින්, ඩෙනිම් කලිසමකින් සැරසී කැප් තොප්පියක් දමාගෙන සිටි දයාසිරි ජීප් රියකින් පැමිණ නෙළුම් මාවත කාර්යාලය ඉස්සරහ බැස්සේය. ‘‘ආ... මන්ත්‍රීතුමා අඳුන ගන්නත් බැරිව ගියානේ... කොහෙද මේ යන්නේ...?’’ සුසාර ඇසුවේය. ‘‘මම මේ ගෙදරකට ආවා...’’ කී දයාසිරි උත්තර දෙන්නටවත් පරක්කු නොවී ඉදිරියේ තිබුණු නිවසක ගේට්ටුව විවෘත කරගෙන ඇතුළු විය. මෙකී ගම්පහ දිස්ත්‍රික් කමිටු රැස්වීමෙන් අනතුරුව ප්‍රසන්න මහින්දගේ විජේරාම පෙදෙසේ නිල නිවසට ආවේ පක්ෂ නායක රැස්වීමකට සහභාගි වීමට වුවත්, ප්‍රසන්න එන විටත් එම සාකච්ඡාව අවසන් වී තිබුණි. මහින්ද සහ සනත් කතාබහ කරමින් සිටි තැනට ප්‍රසන්න එනු දුටු සනත් ප්‍රසන්නගෙන් ඇසුවේ, ‘කොහොමද යාපනේ වැඩ ටික...?’ කියාය. ‘‘හොඳට තිබුණා... මම නෝනවත් එක්කගෙන ගිය නිසා භාෂාවේ ගැටලුවක් වුණෙත් නැහැ...’’ ප්‍රසන්න කීවේය. ‘‘ඔව් ඔව් මම දැක්කා ටී. වී එකේ...’’ සනත් කීවේ ය. ‘‘මම දැක්කේ නැහැනේ...’’ මහින්ද කීවේය. ප්‍රසන්න සිය දුරකථනය ගෙන යාපනයේ කළ සංචාරයේ වීඩියෝවක් මහින්දට නරඹන්නට දුන්නේය. ‘‘ප්‍රසන්නගේ නෝනට දෙමළත් පුළුවන්ද...? මේ හොඳට කතා කරන්නේ...?’’ මහින්ද ඇසුවේ ය. ‘‘අයියෝ සර් අහන්නේ බෞද්ධයන් පන්සිල් පද දන්නවාද කියලා අහනවා ‍වගේ කතාවක්නේ...’’ මහින්දටත් ප්‍රසන්නගේ බිරිය දෙමළ සම්භවයක් ඇති අයකු බව සිහිපත් වූයේ එවිටය. පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව පිරිස කතාබහ කරමින් සිටියේ ගෝඨාභයට එරෙහිව ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරමින් යන වැඩපිළිවෙළ සම්බන්ධයෙනි. විවිධ නඩු හොය හොයා ආණ්ඩුව උත්සහ දරනුයේ ගෝඨාභය ඉදිරිපත්වීම වළක්වා ගැනීමට බව මන්ත්‍රීවරුන්ගේ අදහස විය.
 

More News..