brand logo

දයාසිරිගෙන් කාදිනල් හිමිට නත්තල් තෑග්ගක්

21 December 2020

මෙවර නත්තල් උත්සවයේදී කිතුනු පියතුමන්ගේ ලෝගු සහ ආයිත්තම් සියල්ල දේශීයව නිෂ්පාදනය කළ රෙදි පිළිවලින් නිර්මාණය කිරීමට පියවර ගෙන තිබේ. දේශීයව අත් යන්ත්‍රවලින් නිෂ්පාදිත රෙදිපිළි උපයෝගී කරගනිමින් එම ඇදුම් ආයිත්තම් සහ බතික්වලින් නිර්මාණය කළ දේවස්ථාන සැරසිලි රජයේ අනුග්‍රහය ඇතිව ලබාදීම විශේෂත්වයක් වේ. එහි පළමු කට්ටල 05 කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත ලබාදීම රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අතින් ඊයේ(20) රාගම තේවත්ත බැසිලිකා දේවස්ථානයේදී සිදු කෙරිණි .
 

More News..