brand logo

දඹුල්ල හුදකලාව බිඳ පාන්දර තුනේ සිට වාහන වැලක් ඇදෙයි

30 May 2021

 

පසුගිය 25 වන දින දඹුල්ල ආර්ථික මධ්‍යෂ්ථානය වසා දැමිමෙන් අණතුරුව අද (30) නැවැත විවෘත වන බව පැවසීමත් සමග පාන්දර සිට අති විශාල ජනකායක් දඹුල්ල ආර්ථිකය වෙත පැමිණි අතර මේ වන විටත් විශාල තද බදයක් දක්නට තිබේ. දඹුල්ල නුවර පාර, ත්‍රිකුණාමලය පොලොන්නරුව පාර මෙන්ම දඹුල්ල අනුරාධපුර මාර්ගයන් වල දැඩ් මාර්ග තද බදයක් ඇති අතර මාර්ගයේ දිගු වහෙන පෝලිම් දක්නට ඇත. මේ අතර ඇතිවන තදබදය වැලකීම සඳහා ආරක්ෂක අංශ කටයුතු කරමින් ඇත. ඒ අනුව පොලොන්නරුව ත්‍රිකුණාමලය මාර්ගයේ පැල්වේහෙර දක්වාත් අනුරාධපුර මාර්ගයේ බුලගල දක්වාත් පොලිම් දක්නට තිබේ. තවද ආර්ථික මධ්‍යස්ථානයේ සිට නුවර පාරේ කිලොමිටර් 2ක් පමණත්, කණ්ඩලම හන්දියේ සිට දඹුල්ල බකමුණපාරේ කිලොමිටර් 2 ක් පමණත් එළවළු රැගත් වහන පොලිම් දක්නයට ලැබේ. කෙසේ වෙතත් එළවළු මිල යම් තරමක ඉහල තත්වයක පවතින බවද වාර්තා වෙයි. පසුගිය 27 හා ඊයේ (29) දිනවලදි ආර්ථිකයේ සේවකයින්ට සහ වෙළදුන්ට කොරොනා එන්නත ලබාදිමට කටයුතු කෙරින. අද (30) දල වශයෙන් එලවළු කිලෝ ලක්ෂ 20ක් පමණ පැම්ණ ඇති බව කළමනාකරණ භාරය පවසයි. මහින්ද දඹුල්ල    
 

More News..