brand logo

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තාවකාලිකව වසයි

13 April 2021

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද(13) දහවල් සිට වසා තැබෙන බව දඹුල්ල වෙළෙඳ සංගමය පවසයි. එළඹෙන 18 වැනිදා දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ගනුදෙනු සඳහා යළි විවෘත කරන බව දඹුල්ල වෙළෙඳ සංගමයේ සභාපති යූ.බී. ඒකනායක මහතා සඳහන් කරයි. දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයට ඊයේ(12) එළවළු කිලෝග්‍රැම් ලක්ෂ 60 ඉක්මවා ලැබී එලෙස ලැබුණු සියලු එළවළු තොග අලෙවි වූ බව ඇති අතර දඹුල්ල වෙළෙඳ සංගමය පවසයි.
 

More News..