brand logo

දඹුල්ලේ එළවළු තොග සියල්ල රජය මිලදී ගනී

14 May 2021

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය තුළට අද (14) දින ලැබුණු එළවළු තොග සියල්ල රජය මිලදී ගැනීමට තීරණය කර තිබේ. මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඒ බව පැවසීය. රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අග්‍රාමාත්‍ය කාර්යාලය, මුදල් අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු රජයේ අංශ සමග සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගෙන තිබේ. මේ වනවිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු කිලෝ ලක්ෂ 5ත් 7ත් අතර ප්‍රමාණයක් ලැබී ඇති බවත් ඒවා මිලදී ගැනීම සඳහා වෙළෙඳුන් නොපැමිණීම නිසා ගොවීන් දැඩි අසීරුතාවයකට පත්ව තිබුණි. ඒ පිළිබඳ සැලකිල්ලට ගෙන රජය මෙය කඩිනමින් තීරණය ගෙන තිබේ. ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද දහවල් සිට සම්පූර්ණයෙන් වසා දැමීමට තීරණය කෙරුණු අතර 17වන සඳුදා අලුයම 5.00ට යළි විවෘත කිරීමට ද තීරණය වී ඇත.
 

More News..