brand logo

දඹදිව වන්දනාවේදී සිදුවන ඉන්දු-නේපාල ගැටලුවලට විසඳුම් ඉල්ලයි

28 June 2020

දඹදිව වන්දනා චාරිකා ආරම්භ කිරීමට ප්‍රථම ඉන්දු-නේපාල දේශසීමාවේදී ශ්‍රී ලාංකික සංචාරකයන් මුහුණ දෙන ගැටලු විසඳා දෙන ලෙස ශ්‍රී ලංකා විදේශ බෞද්ධ වන්දනා ගමන් සංවිධාන සංගමය රජයට දැනුම් දී තිබේ. තවද කොවිඩ්-19 වයිරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමෙන් පසු දඹදිව වන්දනා චාරිකා සෞඛ්‍යාරක්ෂිතව ආරම්භ කිරීමට අවසර ලබාදෙන ලෙසද සංගමය බුද්ධශාසන අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත. කෙසේ වෙතත් මෙම වසරේ දඹදිව වන්දනා වාරය ලබන ජූලි මාසයෙන් ආරම්භ වීමට නියමිත වුවත් ඉන්දියාවේ කොවිඩ් රෝගය පාලනය නොවීම නිසා එය සිදුවන්නේ නැත. කෙසේ වෙතත් මාර්තු මාසයට පෙර පැවති වන්දනා චාරිකා සඳහා වන්දනා ගමන් සංවිධායකයන් ගුවන් සමාගම්වලට ගුවන් ප්‍රවේශපත්‍ර සඳහා මුදල් බැඳ තිබේ. එවැනි වන්දනාකරුවන් 2000ක් පමණ මුදල් බැඳ ඇති අතර ඉදිරියේදී යළි සංචාර ආරම්භ වූ පසු ගුවන් ප්‍රවේශපත්‍ර ඔවුන්ට නිකුත් කිරීමට ගුවන් සමාගම් එකඟ වී ඇත. කෙසේ වෙතත් දඹදිව වන්දනා සංවිධායකවරු සමග ලබන මස 02දා විශේෂ සාකච්ඡාවක් පවත්වන බව බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිශ්චන්ද ප්‍රකාශ කළේය.
 

More News..