brand logo

දමිත් ගැන කීර්ති පැස්කුවල් කියයි

21 August 2019

ගමෙන් නගරෙට ඇවිත් තරුණ හදවත් සිය මියුරු හඬින් වසඟයට ගත් දක්ෂ ගායකයෙක් වන දමිත් අසංක ගැන මේ දවස්වල හැමෝම බුකියේ කතාවෙනවා ඒ පැතිරෙන කතා නම් ඒ තරම් හොද දේවල් නෙවෙයි. දමිත් ගැන ගායක ගායිකා සංගමයේ සභාපති කිර්ති පැස්කුවෙල් මහතා තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා. ''දමිත් අසංකගේ වත්මන් තත්වය ගැන සඳහන් කරමින් පලවන පෝස්ට් වල දමිත්ට අනුකම්පා කරන බොහෝ දෙනෙකු මා ඉලක්ක කරගෙන මා ගැන විවේචන එල්ල කරමින් සිටී. එම නිසා මේ සටහන තැබීමට අදහස් කරමි. දමිත් දක්ෂ ජනප්‍රිය ගායකයෙකු බව මමද පිලිගනිමි. දමිත්ට තිබූ ප්‍රසංග නිසියාකාරව කලමනාකරණය කරගත්තා නම් අද ඔහුට ඉතා ඉහල තත්වයකින් ජීවත් වන්නට ඉඩ තිබුණි. නමුත් විවිධ හේතුන් රාශියක් මත (හේතු සඳහන් කල නොහැක) ඔහු ජීවිතය වරද්දාගත් බව මේ දොස් පවරන අය නොදන්නවා ඇති. සහෝදර ගායන ශිල්පීන් ඔහු නැවත යතාතත්ත්වයට පත්කර ගනීමට උපරිම උත්සාහයක් ගත් බවද බොහෝ දෙනෙක් නොදන්නවා ඇති. ගායක ගායිකා සංගමය වෙනුවෙන් මමද මැදිහත් වී ඔහු වෙනුවෙන් දීර්ග කාලීන පුනුරුත්ථාපන වැඩපිලිවෙලක් සූදානම් කලේ ඔහු රිමාන්ඩ් ගතවී සිටියදීයි. නමුත් එදා මගේ ඒ වැඩ පිලිවෙලට ඔහුගේ පවුලේ අය එකඟ නොවුනු බැවින් මගේ මුලු උත්සාහයම අත්හරින්නට සිදුවිය. එදා ඒ අය දුරදිග නොබලා තීරණ ගැනීම කනගාටුවට කරුනකි. එදා ඒ අය මගේ අදහසට එකඟ වුනා නම් දමිත්ට අද මෙවන් ඉරනමක් අත් නොවන්නට තිබුනු බව මට ස්තීරවම කිව හැක. ලක්ෂ්මන් හිල්මි ගායන ශිල්පියා දමිත් ඔහුගේ නිවසට කැඳවාගෙන ඇවිත් වෛද්‍යවරයෙකුගේ විශේෂ අධීක්ෂනය යටතේ දමිත්ට සියලු පහසුකම් සලසමින් ප්‍රතිකාර ලබාදුන් බව මා දනිමි. නමුත් දමිත් එය ප්‍රතික්ෂේප කොට සිය කැමැත්තෙන් එතැනින් ඉවත්ව ගිය බව කිසිවෙකු නොදනි. දැන් දමිත් ගැන සඳහන් කරමින් මට විවිධ දොස් පවරමින් දමිත් රැකගන්නට යෝජනා කරන බොහෝ දෙනෙකු යථා තත්වය ගැන සොයා නෙබලා විවේචන එල්ල කිරීම කණගාටුවට කරුනකි. දමිත්ව නැවත ගායන කේෂ්ත්‍රයට ගෙන ඒමට නම් ඒ සඳහා දමිත්ගේ පවුලේ අය මා වෙත කැමැත්ත පලකරන්නේ නම් මා නැවත වරක් දමිත්ට උදව් කිරීමට මා කැමති බව සඳහන් කරමී. ඇත්ත නැත්ත හරිහැටි අවබොධ නොකොට කරන විවේචන වලින් දමිත්ට යහපතක් නොවන බැවින් දමිත් වෙනුවෙන් රසිකයාට ඇති වගකීම ගැන අවබෝද කරගෙන බුද්ධිමත්ව කටයුතුකරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. යන සටහන ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුණා.
 

More News..