brand logo

දඬුවම් ප්‍රමාද නිසා රනිල් නීති අංශය අලුත් කරන්න යයි

10 October 2020

සමගි ජන බලවේගය සමග සම්බන්ධ වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආසන සංවිධායකවරුන්ට සහ පළාත් පාලන නියෝජිතයන්ට එරෙහිව ආරම්භ කර ඇති විනය ක්‍රියාමාර්ග ප්‍රමාද කිරීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ නීති අංශය ප්‍රතිසංවිධානය කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත. මහ මැතිවරණයෙන් පසු ආරම්භ කළ විනය ක්‍රියාමාර්ග මෙතෙක් අවසන් නොකිරීම ගැටලුවක් බව පක්ෂයේ ජෙයෂ්ඨයන් පක්ෂ නායකත්වයට දැනුම් දී තිබේ. එක්සත් ජාතික පක්ෂයේ නීති අංශයේ ප්‍රධානියා වන්නේ ජනාධිපති නීතිඥ දයා පැල්පොලය. ඇතැම් විනය ක්‍රියාමාර්ග අවසන් කර ඇතත් මෙතෙක් අදාළ පාර්ශ්වවලට හෝ මැතිවරණ කොමිෂන් සභාවට ලිපි යොමු කිරීමටද නීති අංශය අසමත් වී ඇති බව පක්ෂ නායකත්වයේ අදහසයි. පක්ෂයේ නීති අංශය ප්‍රතිසංස්කරණය කිරීම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධනට හා මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්ට පක්ෂ නායකත්වය විසින් භාර දී ඇත උදයජීව ඒකනායක
 

More News..