brand logo

දකුණේ නව ආණ්ඩුකාරවරයා වැඩ අරඹයි

07 August 2019

හිටපු දකුණු පළාත් ආණ්ඩුකාර කිර්ති තෙන්නකොන් මහතා ඉල්ලා අස් විමෙන් පසුව පුරප්පාඩු වු දකුණු පළාත් ආණ්ඩුකාර ධුරය සදහා ඉකුත්දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් හේමාල් ගුණසේකර මහතා දකුණු පලාත් පලාත් ආණ්ඩුකාර වරයා ලෙස පත් කර ඇත. ඒ අනුව 2019.08.07 දින උදාසන යෙදුනු සුභ මොහොතින් නව දකුණු පලාත් ආණ්ඩුකාරවරයා ලෙස හේමාල් ගුණසේකර මහතා දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදි වැඩ භාර ගනු ලැබිය. වැලිගම ප්‍රා. සභා මන්තිවරයකු ලෙස දේශපාලන දිවියට පත්වන හේමාල් ගුණසේකර මහතා දකුණු පලාත් සභා මන්ත්‍රිවරයකු ඇමතිවරයකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු නියෝජ්‍ය ඇමතිවරයකු ලෙස කටයුතු කර අත් දැකිම් ලැබු අයෙකි. දකුණු පලාත් නව ආණ්ඩුකාර තුමා වැඩ බාර ගත් මොහොතේ පොලිස් ආචාර පෙලපාලියකින් පිළිගන්නා ලදි. එස්.ඩි. මුදියන්සේ
 

More News..