brand logo

දකුණේ ආණ්ඩුව විරෝධී සන්දර්ශනයක්

28 August 2018

එ.ජ.නි.සන්ධානයේ දකුණු පළාත් සභා මන්ත්‍රි ආරියවංශ සම්මු මහතා අද (28) පැවති දකුණු පළාත් සභා රැස්වීමට සහභාගිවීමට පැමිණියේ සංදර්ශන රථයක් පෙරටු කරගනිමින් කවි කියමින් විරෝධතාවක නිරිත වෙමිනි. මන්ත්‍රිවරයාගේ පිටු පසින් පැමිණි සංදර්ශන රථයේ භික්ෂුන් වහන්සේ නමක්  හා රණවිරුවකු සිරගතකොට තැබීම, කොටි ත්‍රස්තවාදියකු නිදැල්ලේ සිටීම හා මහ බැංකු කොල්ලයේ  මහ මොළකරු නිදැල්ලේ සිටීම නිරූපණය කරනු දැක ගත හැකි විය. අපේ  හාමුදුරුවෝ  සිරගෙට මහ බැංකු හොරු එළියට, මොළයක් නැතිවුන්ට හෙන වැදියන් ඔළුවට  ආදි සටන් පාඨකියමින් මන්ත්‍රිවරයා ඇතුළු පිරිස පාගමනින්  දකුණු පළාත් සභාව ඉදිරිපිටට පැමිණි අතර දකුණු පළාත් සභා මන්ත්‍රිවරුන් වන බද්දේගම සමිත හිමි, පත්මසිරිද සිල්වා සහ  චන්න සාලිය මෙන්ඩිස්  ආරියවංශ මන්ත්‍රිවරයා  උණුසුම් ලෙස පිළිගත්හ. පසුව පළාත් සභාව ඉදිරිපිටදී මන්ත්‍රිවරයා ඇතුළු පිරිස යහපාලන රජයට  එරෙහිව විරෝධතාවක නිරත වුහ.
 

More News..