brand logo

දකුණු පළාතේ කොවිඩ් රෝගින් 500 ඉක්මවයි

16 December 2020

දකුණු පළාතේ කොවිඩ් ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 512 දක්වා වැඩි වි ඇති බව දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලයේ සම්බන්දිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි. ඊයේ (15) දිනය තුල පමණක් දකුණු පළාතෙන් කොවිඩි ආසාදිත රෝගින් 31දෙනකු වාර්තා වි ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි. ගාල්ල නාගරික බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත රෝගින් 20 දෙනෙකු හා අක්මිමන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් 01ක් රෝගියකු වාර්තා වි ඇති බවද හෙතෙම පවසයි. මාතර දිස්ත්‍රික්කයේ වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් කොරෝනා ආසාදිත රෝගින් 07ක්,මාතර නගරසභාව බල ප්‍රදේශයෙන් එක් රෝගියකු, දෙවිනුවරින් 01 රෝගියකු හා පස්ගොඩින් එක් රෝගියකු වාර්තා වි ඇත. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගින් 324දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයෙන් 153දෙනෙකු හා හමිබන්තොට දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගින් 35 දෙනෙකු වාර්තා වි ඇත. ගාල්ල නාගරික බල ප්‍රදේශය තුල පමණක් ඉකුත් සති දෙකක කාලය තුලදි කොරෝනා ආසාදිත රෝගින් 113 දෙනෙකු වාර්තා වි ඇති බවද කොවිඩ් මෙහෙයුම් කාර්යාලයේ සම්බන්දිකරණ නිලධාරියා පවසයි. දකුණු පළාතේ පවුල් 1511කට අයත් පුද්ගලයින් 3074 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බවද ඒ මහතා පවසයි. ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 794කට අයත් පුද්ගලයින් 2011 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයේ පවුල් 369කට අයත් පුද්ගලයින් 1054 දෙනෙකු, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 348කට අයත් පුද්ගලයින් 639 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය. එච් එම් සමන් - අක්මීමන
 

More News..