brand logo

දකුණු පළාත් සභාව 27 වනදා දක්වා කල් තබයි

13 November 2018

ප්‍රජාතන්ත්‍රවාදී නොවන ලෙස පාර්ලිමේන්තුව විසිරවීම සම්බන්ධයෙන් දකුණු පළාත් සභා ජවිපෙ මන්ත්‍රී නලීන් හේවගේ මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් 13 දින පැවති දකුණු පළාත් සභා සැසිවාරයේ අදහස් ප්‍රකාශ කිරීම අවස්ථාවේ දී එජනිස මන්ත්‍රීවරුන් එයට බාධා කිරීම හේතුවෙන් දකුණු පළාත් සභාව දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය. එය පසුව මහා ගාලගෝට්ටියක් බවට පත්වුහ. දකුණු පළාත් සභාව සභාපති සෝමවංශ කෝදාගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් විය. ඇති වු දැඩි උණුසුම් කාරී තත්ත්වය නිසා දකුණු පළාත් සභාව විනාඩි පහලොවකට කල් තැබීමට සභාපතිවරයා තීන්දු කලේය. සියවරප්‍රසාද භාවිතා කරමින් දකුණු පළාත් සභා ජවිපෙ මන්ත්‍රී නලීන් හේවගේ මහතා පසුගිය 26 දින සිට ලංකාව දරුණු ප්‍රශ්නයට ඇද දැමු බවත් මේ සියල්ල ව්‍යවස්ථා විරෝධීව සිදුකර බවත් මෙය අන්ත දුෂිත දේශපාලන කුමන්ත්‍රනයක ප්‍රතිළුලයක් බවත් මෙය මහින්ද මෛත්‍රී ඇතුළු බල ලෝභීන් ගේ ක්‍රියාවක් බවත් ප්‍රකාශ කරන්නට විය. එහි දී නැගී සිටි එජනිස මන්ත්‍රීවරුන් වන සංහ සමන් කුමාර, චම්ලි විතානාච්චි , සම්පත් අතුකෝරල, ෂම්මු ආරියවංශ යන අය දිගින් දිගටම බාධා කරමින් වරප්‍රසාද ප්‍රශ්නයක් නගමින් රටේ නායකයින්ට බැන වැදිය නොහැකි බවත් කියමින් විරෝධය දක්වන්ට විය. එහි දී එජාප මන්ත්‍රීවරුන් ද නලීන් හේවගේ මන්ත්‍රීවරයාගේට සහය ට අදහස් දක්වන්නට වු අතර එජනිස මන්ත්‍රීවරුන්ද නලීන් හේවගේ මන්ත්‍රීවරයාට දිගින් දිගටම බාධා කරන්නට වු නිසාම පළාත් සභාව ගාල ගෝට්ටියක් බවට පත්විය. පසුව පළාත් සභාව පාලනය කර ගැනීමට නොහැකි වු නිසා සභාපති සෝමවංශ කෝදාගොඩ මහතා සභාව විනාඩි 15 ට කල් තැබීය. සභාව කල් තැබීමෙන් පසුව ආරම්භ වු අවස්ථාවේ දී නලීන් හේවගේ මන්ත්‍රීවරයාට සිය කතාවේ ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දුන්න ද එජනිස මන්ත්‍රීවරුන් යලිත් විරෝධය පාන්නට විය. අගමැතිට , ජනාධිපතිට බනිනේ නැතිව කතා කරන්න කියන්න. එජානිස මන්ත්‍රීවරුන් එසේ පවසමින් නැවත විරෝදය දක්වන්නට විය. ඒ අනුව නලීන් හේවගේ මන්ත්‍රීවරයා කියා සිටියේ, මෙවන් නීති විරෝධී ලෙස මේ ඡන්දය පවත්වා ජනවාරි 05 දින මහින්ද රාජපක්ෂ මහත්මයා බලයට පත්වුව ද මෛත්‍රීපාල ජනාධිපතිවරයාට හිතුනෝතින් නැවත 06 දින පාර්ලිමේන්තුව විසිරවිය හැකි බවයි. කළු සල්ලි වලින් පාර්ලිමේන්තුවක් හදන්න හැදුවේ. ජවිපෙ 06 හරියට හිටියනිසා සල්ලි වලට අරන් හදා ගන්න බැරිවුනා. දිගින් දිගටම එජනිස මන්ත්‍රීවරුන්ගේ බාදා කිරීම හමුවේ නලීන් හේවගේ මන්ත්‍රීවරයා අසා සිටියේ මම මෛත්‍රී ජනාධිපතිවරයාට බනිද්දී ඔබතුමාලට රිදෙන්නේ ඇයි ද යන්නයි. දිගින් දිගටම සභාවේ පැවති බාධා කිරීම් නිසාත් දිනට නියමිත යෝජනාව සුදානම් නොවු නිසාත් සභාපති වරයා විසින 27 දින දක්වා දකුණු පළාත් සභාව කල් තැබීය. ඒ අනුව 13 දින පැවති දකුණු පළාත් සභාව මිනිත්තු75 කට පමණක් සීමා වු අතර එයිනුත් විනාඩි 15 ක් සභාව කල්දමා තිබිණි.    
 

More News..