brand logo

දකුණු කොළඹ සහ මැද කොළඹ සියලු පාසල් අද වැසේ

07 October 2019

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දීම වෙනුවෙන් බොරැල්ල, දකුණු කොළඹ සහ මැද කොළඹ අධ්‍යාපන කොට්ඨාසවල සියලු පාසල් අද (07) දිනයේ වසා ඇත. එම පාසල්වලට අමතරව රාජගිරිය ජනාධිපති , හේවාවිතාරණ සහ හේවාවිතාරණ ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය ද අද වසා තැබෙන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එස්. ජී. විජයබන්දු මහතා සඳහන් කළ අතර පාසල් වසා තැබීමට තීරණය කර ඇත්තේ ජාතික මැතිවරණ කොමිසම කළ ඉල්ලීමක් අනුවය.
 

More News..